ලග්නය යනු යම් මොහොතක් සදහා සකසන ලද කේන්දර සටහනක නිශ්චිත ලක්ෂයකි. බොහෝ විට ලග්නය යන පදය උදා ලග්නය Ascendant වෙනුවට භාවිතා කරයි. සාමාන්‍ය භාවිතයේදී ලග්නය යන්න විශේෂයෙන් අර්ථ දක්වා නොමැති විට එය උදා ලග්නයයි.
උදා ලග්නය
යම් මොහොතකදී නැගෙනහිර ක්ෂිතිජයේ ඇති රාශිය උදා ලග්නය වේ. ඒ මොහොතේ එම රාශිය තුළ ගමන් කර ඇති අංශක ගණන (අයනාංශකය/longitude) ලග්න ස්ඵුටය වේ.
චක්‍ර
යම් කිසි මොහොතක ග්‍රහ පිහිටීම ආදිය සටහන් කිරීමට විවිධ චක්‍ර භාවිතා
කරයි. ඒ මොහොත සදහා සකස් කරන ලද කේන්ද්‍ර සටහනක් මෙසේ චක්‍රයක් ආකාරයෙන්
ඉදිරිපත් කළ හැකිය. මෙසේ යම් කිසි පුද්ගලයෙකුගේ උපන් වෙලාව සදහා සකස් කරන
කේන්ද්‍ර සටහනට ජන්ම පත්‍රය යැයි කියමු. වේදීය ජ්‍යොතිෂයේදී ප්‍රධාන වශයෙන්
කේන්ද්‍ර සටහන් (චක්‍ර) ක්‍රම තුනක් භාවිතා වේ.
- බ්‍රිඟු චක්‍රය (Diamond chart)
- සූර්ය චක්‍රය (Sun chart)
- ගුරු චක්‍රය (South Indian Guru Chart)
භාව (Houses)
බොහෝමයක් වේදීය ජ්‍යෝතිෂ්‍ය
සම්ප්‍රදායන් තුළ රාශි චක්‍රයේ සීමාවන්ම භාවයේ සීමාවන් ලෙස භාවිතා කරයි.
එනම් රාශිය ආරම්භවන අංශක 0 සිට 30 දක්වා පරාසය තුළ භාවය බෙදී යන බව දක්වා
ඇත. තවත් ක්‍රමයකින් කියනවානම් සෑම රාශියක්ම භාවයක් නිවේදනය කරයි. සෑම
භාවයක ආරම්භය රාශියේ ආරම්භයට සමපාතව ලබා ගනී. පළමු භාවය අපට ඕනෑම ලග්නයකට
අනුව ගණනය කළ හැකියි. බොහෝ විට භාවය යන්න උදාලග්නයට අනුව ගණනය කරයි. ඒ අනුව
තුලා රාශියෙන් උපන් අයෙකුගේ පළමු භාවය වන්නේ තුලා රාශිය යි. දෙවෙනි භාවය
වන්නේ වෘශ්චික රාශිය යි. 12 වෙනි භාවය වන්නේ කන්‍යා රාශිය යි.
Subscribe to:
Posts (Atom)