බුධ වක්‍රවී සිසුන් අනතුරේ

ගුරු යනු ජීවිතයට ආලෝකය ලබාදෙන්නාය.ගුරුගෙන් නැතහොත් ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ලැබෙන්නේ දැනුම නොව ප්‍රඥා ලෝකයයි. සමාජය තුළින් අන්ධකාරයෙන් මිදී ජීවිතය දිශාගත කර ජයගත හැකිවන්නේ මෙම ආලෝකය හරහාය.
පැරැුණි ලාංකේය සමාජයේ ප‍්‍රඥාව බෙ¥ ගුරුවරයා විෂය නිර්දේශයක් තුළට ගොනු කිරීමත් සමගම දැනුම බෙදන්නකු බවට පත්වන්නට විය. එයට මූලිකම හේතුව වූයේ ගුරු ග‍්‍රහයාගේ ස්වභාවය තුළින් නිවේදනය වූ දැනුම ඉබේ උපදින ගුරුවරයා වෙනුවට වෙනත් කෙනකුගේ දැනුම බෙදන්නෙකු බවට පත්වීමයි.

මේ හරහා ලාංකේය ශිෂ්‍යයාට සිදුවූයේ දැවැන්ත අසාධාරණයකි. එනම් ජීවිතයේ ඉදිරි ගමන තුළ මතුවන බාධාවලින් මිදීම උදෙසා අවශ්‍ය ඥානය වෙනුවට දැනුමෙන් සන්නද්ධ වීමට සිදුවීමයි. නැතහොත් ගුරුවරයා පෙන්වාදෙන දෙයින් එහාට දෙයක් සිතීමට නොහැකි ශිෂ්‍ය පරපුරක් බිහිවීමයි. දැනුම වර්ධනය වීමත් ප‍්‍රඥාව අහිමි වීමත් තුළ සිදුවනුයේ සමාජයීය ප‍්‍රශ්න හමුවේ ශිෂ්‍යයා දැඩි ගැටලූවකට මැදිවීමයි. නැතහොත් ශිෂ්‍ය අරගල ලෙසින් ඒවා පුපුරා යෑමයි.
මෙය පාසල් පද්ධතිය තුළදී පුපුරා නොයන්නටත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළදී පුපුරා යන්නටත් හේතුවන ප‍්‍රධානම කාරණය වන්නේ පාසල තුළදී ශිෂ්‍ය වයස් සීමාව තුළ සිටින දරුවකු ලෙසත් සරසවි ශිෂ්‍යයා තරුණයකු ලෙසත් පිළිගැනීමය. අප මෙවර ශිෂ්‍යයා පිළිබඳ කතාකරන්නට හේතු වූයේ පසුගිය සති කිහිපයේ ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිවූ ගැටලූකාරී තත්ත්වයයි. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම උදෙසා ලාංකේය කුම්භ ලග්න කේන්දරයේ බලපෑම පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එක්වරම ඇතිවන ශිෂ්‍ය නැගීසිටීම් මෙහෙයවනු ලබන යම් ග‍්‍රහ බලවේගයක් මේ මොහොත තුළ ක‍්‍රියාත්මක වීමක් අනිවාර්යයෙන්ම පැවතිය යුතුය.
කුම්භ ලග්න ලංකා කේන්දරයේ පාලකයා නැතහොත් රජුව නිවේදනය කරනු ලබන රවි මේ මොහොත තුළ ගෝචරයෙන් ගමන් කරනු ලබන්නේ කුම්භය වන ලග්න භාවය මතින්මය. පාලකයා නැතහොත් රජු ලග්නය තුළට පැමිණීම නිසා සමස්ත පාලනය තමා යටතට ගැනීමට උත්සහ දැරුවත් වෙනස් ආකාරයේ ගැටලූවකට ලංකාව මැදිවෙයි. ඒ කෙසේද යත්, ජ්‍යොතිෂ නියමයන්ට අනුව ලග්නයෙන් හත්වැන්නේ අධිපතියා ලග්නයට මරණය රැුගෙන එන බවට විශ්වාසයක් පවතී. ඒ අනුව හත්වැන්නාධිපති ලග්නයට පැමිණි විට සිදුවන්නේ සමස්ත ලාංකේය සමාජය ගිනි ගැනීමයි. ගිනි ගැනීම යනුවෙන් අර්ථකථනය කරනු ලබන්නේ භෞතිකව සිදුවන ගිනි ගැනීමක් පමණක් නොව සමස්ත සමාජ පැතිකඩයන් තුළ සිදුවන ගිනි ගැනීමයි. එනම් දරුවාගේ සිට මහල්ලා දක්වා වූ සියල්ලන්ගේ සිත් තුළ ඇතිවන ගිනි ගැනීමයි. එනම් ආර්ථික, දේශපාලන හා අධ්‍යාපන ආදී වූ සියලූ අංශයන් තුළ සිදුවන ගිනි ගැනීමයි.
මේ ගිනි ගැනීම නැතහොත් පීඩාව ක‍්‍රියාත්මක වීම තුළ වැඩි වශයෙන්ම ගැටලූවලට මැදිවන්නේ ශිෂ්‍ය ප‍්‍රජාවයි. එයට හේතුවන්නේ රවි සමග එකම භාවයක් තුළ බුධ තැන්පත්ව සිටීමයි. එහිදී සිදුවන්නේ බුධ විසින් රවිගේ ස්වභාවය ආරෝපණය කරගැනීමට උත්සහ දැරීමයි. එනම් බුධ යනු ළඟ සිටින ග‍්‍රහයාගේ ගති ලක්ෂණ ආරෝපණය කරගන්නා ග‍්‍රහයකු වීම නිසාය. මෙලෙස ශිෂ්‍යයා විසින් පාලකයාගේ ගති ලක්ෂණ අතට ගැනීම හරහා සිදුවන්නේ ශිෂ්‍යයා නොමඟ යෑමයි. යම් බලවතෙකුගේ ළඟින් සිටි පමණින් ඔහුගේ ගති ලක්ෂණ ගෙන ක‍්‍රියා කිරීමට යෑම එතරම් සුබවාදී නොවන්නේ එය මායාවක් මිස යථාර්ථයක් නොවන නිසාය.
මේ මොහොත තුළ සරසවි සිසුවාට සිදුවන්නේද එයයි. රවිගේ බලය තුළ බලවත් වන බුධ විසින් නිවේදනය කරන ශිෂ්‍යයාගේ මනෝභාවය තුළද තමන් තුළ බලය ඇතැයි යන සිතිවිල්ල ක‍්‍රියාත්මක වීම ඇරඹෙයි. ඔවුනට නොතේරෙන කාරණය වනුයේ මේ බලය, දැනීම පවතිනුයේ සති දෙකකට ආසන්න කාලයකට පමණක්ය යන්නයි. එනම් බුධ ගෙවී ගිය සතිය මැදදී වක‍්‍ර වී මකරයට පිවිසීමත් සමග රජුගේ බලය මතින් තමන්ට ලැබුණු බලය බිඳවැටීම සිදුවෙයි. එවිට සිදුවනුයේ මකරයට පිවිසීමත් සමග කුජගේ දෘෂ්ටියට ලක්වන්නටය.
මෙම කාරණාව සරලව තේරුම්ගැනීමට උත්සහ දරමු. රජෙකු තම බලය උපයෝගී කරගනිමින් තම පාලන යන්ත‍්‍රණයට එරෙහිව සටන් කරන්නට උත්සහ දරන්නන්ට රාජ්‍ය යන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරවීම සාමාන්‍ය තත්ත්වයකි.
පසුගිය කාලය තුළ සිදුවූ සිදුවීම් දෙස හැරී බලනවිට සරසවි තුළින් නැගී ආ විරෝධයට පාලක පක්ෂය දැක්වූ ප‍්‍රතික‍්‍රියා යහපත් නැත.
ශිෂ්‍යයන් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ පනතට එරෙහිව ගෙන ගිය විරෝධය යම් ජයග‍්‍රාහී මාවතකට පැමිණි බව සිතුවත් මේ සතියෙන් පසු එය මිරිඟුවක් බව අවබෝධ කරගනු ඇත. එනම් පාලකයන් විසින් තාවකාලිකව හකුළා ගනු ලබන පනත යළි ක‍්‍රියාවට නගනු ඇත. ග‍්‍රහ දේශපාලනය තුළ එයට අවස්ථාව නිර්මාණය කරදෙනු ලබන ග‍්‍රහ පිහිටීමක්ද ඇත. එහි මූලික තත්ත්වය නිර්මාණය කරනු ලබන්නේ බුධගේ වක‍්‍රවීමත් සමගය. එනම් කුම්භ රාශියේ රවි හා එකට සිටි බුධ යළි හැරීමය. යළි හැරීම නැතහොත් වක‍්‍රවීම තාරකා විද්‍යාව තුළ ප‍්‍රතික්ෂේප වන සංකල්පයක් වුවද ජ්‍යොතිෂ්‍ය තුළ ග‍්‍රහයකු වක‍්‍ර චලිතයේ යෙදීම හරහා සිදුවන්නේ දඬුවම් දීම උදෙසා යළි හැරීමයි. එනම් ඉදිරියට ගමන් කිරීමේ කාලය තුළ එම ග‍්‍රහයාගේ ස්වභාවයන් හා ග‍්‍රහයාගේ නියෝජනයන් තුළ මිනිසුන් ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ ග‍්‍රහයා පසු විපරමක යෙදෙනුයේ මෙම වක‍්‍ර වන කාලය තුළ යැයි විශ්වාසයක් පවතියි.
ඒ අනුව බුධගෙන් අප පෙර සඳහන් කළ ආකාරයේ ශිෂ්‍ය නැගී සිටීම් ක‍්‍රියාත්මක වූ අතර බුධ වක‍්‍රවීමත් සමග රවිගෙන් ගිලිහී යෑම සමගම සිදුවන්නේ එතෙක් ගත් ක‍්‍රියාමාර්ගයන්ට දඬුවම් දීමට පාලකයා සූදානම් වීමයි. මෙය ශිෂ්‍ය සටන් මෙහෙය වූ පිරිස් වෙත බරපතළ තත්ත්වයකි. මෙහි ගැටලූකාරී තත්ත්වය වර්ධනය වීමට බලපාන අනෙක් කාරණය වන්නේ කුජගේ නැතහොත් පාලක පක්ෂය නියෝජනය කරන ග‍්‍රහයාගේ දෘෂ්ටියට බුධ ලක්වීමයි. එවිට පාලක පක්ෂය විසින් ඉතා සියුම් ආකාරයෙන් මෙම විරෝධයන් පාලනය කරමින් තමන් හකුළා ගනු ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යළිත් ක‍්‍රියාවට නගනු ඇත. ඒ සඳහා කුජගේ අනෙක් ස්වරූපය වන හමුදා, පොලීසිවල බලයද යොදාගනු ඇත.
එනම් බුධ වක‍්‍ර වීමත් සමග කුජගේ බලයට මැදිවන ශිෂ්‍ය ක‍්‍රියාකාරින් කිහිප දෙනකුගේම පන්ති තහනම් වීම් හා ඒ සම්බන්ධ නීතිමය ක‍්‍රියාත්මක වීම් හරහා පීඩා නිර්මාණය වීම සිදුවෙයි. මින් සරලව තේරුම් ගත යුත්තක් වනුයේ කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ පාලකයාට හෝ පාලක පක්ෂයට විරුද්ධ වන්නට ඉඩක් නැති බවය.
මේ අවස්ථාව තුළ කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ අපූර්ව ග‍්‍රහ පිහිටීමක්ද දැකගත හැකි වෙයි. එනම් 1, 5, 9 නැතහොත් කේන්දරයක් තුළ ඇති හොඳම සහ බලවත්ම ස්ථාන තුන තුළ ග‍්‍රහයන් හයදෙනකු තැන්පත්ව සිටීමයි. මූලිකව රජු, රජුට උපදෙස් දෙන්නා, රජුට අනුගත වන්නන්, හමුදා නිලධාරින්, ජනතාව මෙන්ම සියුම් කුමන්ත‍්‍රණකරුවෝ මෙම ත‍්‍රිකෝණය තුළ තැන්පත්ව සිටිති. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ්‍ය නියමයන්ට අනුව මෙම ස්ථානවල සිටිනා ග‍්‍රහයන් උත්සහයකින් තොරවම ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. එනම් පාලක පක්ෂය තුළට බලය ක‍්‍රියාත්මක වන මොහොතක් නිර්මාණය වී ඇත. එවන් පරාසයක් තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතාව අසාර්ථක උත්සහයක් වේ. ගුරු වක‍්‍ර වී සිටීම තුළ උපදෙස් දෙන්නන්ගේ යම් බිඳවැටීමක් පිළිබඳද තොරතුරු හෙළි වේ.

පසුකියවීමක්

නිදහසින් පසු හා නිදහසට පෙර පැවති අධ්‍යාපන ක‍්‍රමවේදය සම්පූර්ණයෙන්ම එකිනෙකාට පරස්පරවූ තත්ත්වයන් දෙකකි. ලංකාවට නිදහස ලබන මොහොතේ ගොඩන`ගන ලද කුම්භ ලග්න කේන්ද්‍රය හරහා ලංකාවේ අධ්‍යාපනයට සිදුවන්නේ කුමක්දැයි යන්න අවබෝධ කර ගැනීමට අපි උත්සහ දරමු.
අධ්‍යාපනය නියෝජනය කරනු ලබන භාවය හතරවැන්නයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හතරවැන්න යනු වෘෂභයයි. වෘෂභයේ අධිපතියා වන සිකුරු කුම්භ ලග්නයේ බාධක ග‍්‍රහයා බවට පත්ව ලග්නය තුළ සිටියි. මෙහිදී සිදුවන්නේ කුමක්ද? රටේ දරුවනට රට තුළින් ලැබෙන අධ්‍යාපනය හරහා සිදුවනුයේ රටේ සශ‍්‍රීකත්වය, දියුණුව බි`ද වැටීමයි. අනෙක් අතට ගත් කල අධ්‍යාපනය මුල් කරගනිමින් රට තුළ නිරන්තරව ගැටුම්, බෙදීම් හා බි`ද වැටීම් සිදුවීමයි. බාධක ග‍්‍රහයා යනු දිගින් දිගටම කරදර හා ගැටලූ ඇති කරන ග‍්‍රහයාය.
බුධගෙන් ශිෂ්‍යයා නියෝජනය කරන අතර බුධ බාධක ග‍්‍රහයා සම`ග ලග්නය තුළ සිටියි. මෙහිදී සිදුවනුයේ බුධ නිරන්තරව තමා ළ`ග සිටින ග‍්‍රහයාගේ ගති ආරෝපණය කරගැනීම හරහා ශිෂ්‍යයා නැතහොත් ලංකා කේන්ද්‍රය බාධක තත්ත්වයට පත්වීමයි.
මෙය සරල කතාවක් නොවන අතර සමස්ත ලංකාවේම පැවැත්ම තීරණය වනුයේ මේ සංසිද්ධිය පදනමක් කොට ගනිමිනි. එයට හේතුව වනුයේ කුමක්ද? ශිෂ්‍යයා නැතහොත් රටේ අනාගත භාරකරුවන් රටේ බාධාවක් බවට පත්කිරීම හරහා සිදුවනුයේ, යහපත්, දියුණු, සංවර්ධිත ජාතියක් බිහිනොවීමයි.
අනෙක් කරුණ වනුයේ සිකුරු හතර වැන්නාධිපති මෙන්ම නව වැන්නාධිපති වීම හරහා මූලික අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයට ද පෙර කී තත්ත්වයම ඇති වීමයි. බුධ සිකුරු එක්ව ලග්නගත වීම හරහා සෞන්දර්යාත්මක ශිෂ්‍ය ප‍්‍රජාවක් බිහිවිය යුතු වුවත් කුජගේ පාප දෘෂ්ටිය හරහා එය විනාශ වී යයි. පෙර ජීවත් වූ සෞන්දර්යාත්මක සමාජය වෙනුවට අරමුණක්, හැ`ගීමක් නැති වල්වැදුණු සමාජයක් බිහිවීම උදෙසා මූලික හේතුව වන්නේ ද මෙයයි.
නමවැන්න තුළින් ශිෂ්‍යයාගේ ධර්මතාවන්ද නිවේදනය කරනු ලබයි. ශිෂ්‍යයකුගේ ධර්මතාවන් යනු මොනවාද? ගුරුවරුන්ට, මවුපියන්ට අනුගත වීම, හැදෑරීම හා ඒ හා බැ`දුණු යුතුකම් හා වගකීම්ය. නම වැන්නාධිපති බාධක ග‍්‍රහයා වීම හරහා සිදුවනුයේ ශිෂ්‍යයා තුළ පැවතිය යුතු ධර්මතාවන් බි`ද වැටීමයි. නිදහසින් පසු බිහිවන ශිෂ්‍ය පරම්පරා තුළ තම ධර්මතාවන් බි`ද වැටීම ක‍්‍රියාත්මක වීමට ප‍්‍රධානම හේතුව වන්නේ මෙයයි. ගුරු භක්තිය මෙන්ම වැඩිහිටියන්ට නොසලකන ශිෂ්‍ය පරපුරක් බිහිවීමටද මෙම නම වැන්නාධිපති බාධක ග‍්‍රහයා වීමේ ගැටලූව හේතු වෙයි.
ලංකා කේන්ද්‍රයේ හතර වැන්නෙන් විපක්ෂය නියෝජනය කරන බැවින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය
සැමවිටම රටට මෙන්ම පාලක පංතියට විරුද්ධව විපක්ෂව කටයුතු කරන බව පෙනීයයි. විශ්වවිද්‍යාල පද්ධතිය දෙස බැලීමේ දී මෙය හො`දින්ම තීරණය කළ හැකි වෙයි.
ශිෂ්‍යයකු ලබන අධ්‍යාපනය හරහා තම ජීවිතය නිසි ම`ග ගෙන යා හැකිවනු ඇතැයි යන ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය සපයනු ලබන්නේ කේන්ද්‍රය තුළ ඇති රවි හා කුජගෙනි. එහෙත් ලංකා කේන්ද්‍රයේ රවි හා කුජ මරණකාරව ඇත. මරණකාරව යනු මරණයයි. නැතහාත් බල රහිත වීමයි. මේ හරහා සිදුවනුයේ කුජට අයත් ඇරඹීම, මුල පිරීම හා රැුකියාව යන්න පිළිබ`ද ගැටලූ මතුවීමයි. එය සරලව තේරුම් ගැනීමට උත්සහ දරමු. යම් සිසුවෙක් පවතින අධ්‍යාපන ක‍්‍රමය හරහා යම් උපාධියක් ලබාගත්තද ඒ හරහා තමන්ට රැුකියාවක් ලබාගැනීම හෝ තම දියුණුව වර්ධනය උදෙසා මුල පිරීමට හැකිවෙතැයි යන ආත්ම විශ්වාසය ඔහු තුළ ඇති නොවෙයි. මේ හරහා සිදුවනුයේ තමන් පිළිබ`ද අභිමානයක් නැති ජාතියක් බිහිවීමයි.
අධ්‍යාපනයේ ක‍්‍රමවත් බව ඇති කරනුයේ සිකුරුය. සිකුරු බාධකයා වීම හරහා සිදු වූයේ නිදහසින් පසු වරින් වර බලයට පැමිණි පාලකයන් හා ඇමැතිවරුන්ගේ අවශ්‍යතා පරිදි අධ්‍යාපනය ක‍්‍රමවත් කිරීමට උත්සහ දැරුවද සැමවිටම වූයේ ක‍්‍රමවත් වීම නොව පවතින ක‍්‍රමයම තව තවත් අනාගැනීමයි. සිකුරු සෑමවිටම අධ්‍යාපනය අවුල් කිරීම මිස ක‍්‍රමවත් වීමකට ඉඩ ලබාදීමක් සිදු නොකරයි.
අධ්‍යාපනය හරහා ලැබිය යුතු දුරදක්නා නුවණ බුධගෙන් පෙන්වනු ලබන අතර බුධ බාධක ග‍්‍රහයා සම`ග සිටීම හරහා ශිෂ්‍යයන් තුළ දුරදක්නා නුවණ බි`ද වැටෙයි. වර්තමාන සමාජය තුළ දුරදිග නොබලා ගනු ලබන තීරණවලට බොහෝ සෙයින් හේතුවී ඇත්තේ මෙම කරුණයි.
වර්තමානයේ දී විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රය තුළ ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතියි. එයට හේතු වන ග‍්‍රහ බලපෑම අවබෝධ කරගැනීම උදෙසා ලංකා කේන්ද්‍රයට අදාළ තත්කාල ග‍්‍රහ පිහිටීම පිළිබ`ද විමසා බැලිය යුතුය. කුම්භ ලග්න කේන්ද්‍රයේ ශනි නමවැන්න තුළ තැන්පත්ව ඇත. නමවැන්න යනු උසස් අධ්‍යාපනයේ කඩඉමයි.
ශනි නම වැන්නට පිවිසිත් සම`ගම උසස් අධ්‍යාපන පිවිසුමට අදාළ ලකුණු රටා, මෙන්ම උත්තර පත‍්‍ර පරීක්ෂාව පිළිබඳ ගැටලූ
රැුසකට ආණ්ඩුව මැදිවිය. මෙයට හේතු වනුයේ ශනිගේ පිහිටීමයි. සුදුස්සාට සුදුසු තැන නොලැබුණු විට ශනි ඇති කරනුයේ ගැටලූවකි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර

No comments:

Post a Comment