ග්‍රහ පිහිටීමෙන් ප්‍රෙමය අනියම් වෙයි


ලාංකේය සමාජයෙ  පැවැති යහපත් පවුල් සබඳතාවන් ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. බලහත්කාරයෙන් දේශීය චින්තනය තුළට ඔබ්බවන ලද බටහිර මානසිකත්වය බිඳ වැටීමට මූලිකම පදනම ලෙසින් දැකිය හැකිය. පෙර සමාජයේ උත්තරීතර වූ විවාහ සංකල්පය තුළ සැමියා  බිරිඳටත් බිරිඳ සැමියාටත් එකිනෙකා බැඳ ගන්නා තරමට ඒ බැඳීම සහ අන්‍යොන්‍ය ගරුත්වය ප‍්‍රධාන විය. ඒ තුළ ලිංගික පදනමක් දැකගත නොහැකි විය. අනියම් සබඳතා හෝ ලිංගික සබඳතා ගොඩ නැඟීම ඉතා අල්ප විය.

කේන්දරේ කොටු තුනකට හැමදාමත් වැලන්ටයින්

වැලන්ටයින් දිනය අපේ දෙයක් නොවූවත් අපේ වන තරමටම තරුණ පෙළ එය වැළඳගෙන හමාරය. පාසල් පෙම්වතුන් පෙම්වතියන්ගේ සිට වැඩිහිටි පරපුර දක්වාම ආදරවන්තයන්ගේ දිනය සමරති. නැතහොත් ඒ පිළිබඳ කතාබස් කරති. එනිසාම වැලන්ටයින් දිනය ගෙවී එහි උණුසුමත් සමගම ජ්‍යොතිෂ්‍යමය ඇසින් ආදරය ගැන කතා කරන්නට අපි සිතුවෙමු.

ස්ත්‍රියකගේ ඉදිරිපස දත් දෙපලේ සිදුරින් කියවෙන රහස්

ස්ත්‍රියකගේ ඉදිරිපහ දත් දෙක අතර සිදුරක් පැවතීම සමහර ස්ත්‍රීන්ට ශුභ ඵල මෙන්ම සමහර ස්ත්‍රීන්ට අයහපත් ප්‍රතිඵල ද උදාකරයි. මෙහිදී දත් දෙක අතර සිදුරක් සහිතව උත්පත්තිය ලබන තැනැත්තියගේ උත්පත්තිය ලද මාසය අනුව ශුභ අශුභ ඵල තීරනය කල හැකිවේ.

කාර්ය බහුලත්වය හා ජ්‍යෙතිෂයේ අවභාවිතය

වර්තමාන සමාජයේ වැදගත් හා සුභ යයි සැලකෙන සියලු කටයුතු සඳහා බහුතරයක්‌ දෙනා ජ්‍යෙතිෂය භාවිත කළද කාර්ය බහුලත්වය නිසා සහ පවතින තරගකාරී සමාජ තත්ත්වය නිසා එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට අසමත් වී තිබේ.
ශුභ කටයුතු සඳහා ශුභ වේලාවක්‌ හෝ නැකතක්‌ සෑදීමේදී පංචාංග ශුද්ධිය ගැන සැලකිය යුතු වුවද වර්තමානයේ දී එම කරුණු වලින් කිහිපයක්‌ පමණක්‌ සලකා බලයි.
දිනය, නැකත, තිථිය, යෝගය හා කරණය යන කරුණු පහ පංචාංගය ලෙස සැලකෙන අතර පංචාංග ශුද්ධිය තිබීම ශුභ නැකතක්‌ සෑදීමේදී ඉතා වැදගත් වේ. නමුත් වර්තමාන සමාජයේ භාවිත වන

තමාට ලැබෙන බිරිද

මෙහි කොළ පැහැයෙන් දක්වා ඇත්තේ ජන්මියාගේ ලග්නයයි. 

කහ පැහැයෙන් දක්වා ඇත්තේ තම ලග්නයට අදාල 7 වන භාවයයි. 

තම හත්වන භාවයේ අධිපතියාගේ ස්වරුපයෙන් තමාට ලැබෙන බිරිද තිරණය වෙයි. 

මෙය කර්මය මතින් සිදුවන්නක් වන අතර එය පෙර භවයන්හීදි තමන්ම කරන ලද කි‍්‍රයාවන් උදෙසා දඩුවම් විදිමකි. 

මෙය තේරුම් ගෙන යහමගට පැමිණිම පිණිස මිස අඩ දඹර ඇතිකර ගැනීම උදෙසා උපයෝගි කර නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.

22 වන දෙර්කාණාධිපතියා හඳුනා ගන්න

22 වන දෙර්කාණාධිපති ග්‍රහයා අශුභ ග්‍රහයෙක් වශයෙන් සැලකේ. එම දිනය හෝ හෝරාව සුභ කටයුතු සඳහා සාමාන්‍යයෙන් යොදා නොගැනේ.
ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා පහත පරිදි හඳුනා ගන්න

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්


ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත.

නැකත් තෝරා ගැනීම

සාමාන්‍යයෙන් නැකත් වේලාවක් සඳහන් වන අවස්ථා වල (පුවත්පත් හෝ වෙනත් මාධ්‍යයක )එම නැකත් සීහුම් වන නැකත් ද දක්වයි.නැකතක් කොතරම් ශුභ වුවද තමන් උපන් නැකතට සීහුම් නොවේ නම් එම නැකතින් පලක් නැත.එබැවින් නැකතක් තෝරා ගැනීමේදී තමන් උපන් නැකතට සීහුම් වන නැකතක් තෝර ගත යුතුය.සෑම ලිතකම පාහේ නැකත් සීහුම් වන වක්‍ර ඇති අතර බොහෝ විට නැකතක් ඉදිරිපත් කිරීමේදී එය සීහුම් වන නැකත් ද සඳහන් කරයි.

විවාහයට බලපෑම් ඇති කරන කුජගෙන් යෙදෙන දෝෂ

විවාහයට හා ආයුෂ සඳහා බලපෑම් ඈතිකරන යෝග අතර වෛධව්‍ය යෝග ප‍්‍රභල වේ. වෛධව්‍ය යෝග ඇති වන ආකාර කිහිපයක් ඇත

ඒවායින් ශනි-මංගල යෝගය හා භෞම ද්‍යෝෂ සඳහා කෙලින්ම සම්බන්ධ වන්නේ කුජ ග‍්‍රහයායි. ශනි-මංගල යෝගය විවාහයට ඉතා නුසුදුසු බව සඳහන් වේ. විවාහයකදී පොරොන්දම් සියල්ලම ගැලපුන ද මෙම ශනි-මංගල යෝගය යෙදී ඇත්නම් එම විවාහය නිර්දේශ කළ නොහැකිය.

බිබිල සුසානය පාළු කළ ගස් කොල්ලයට වගකියන්නේ කවුද?

බුදුදහම පසුබිම් කරගනිමින් ගොඩනැගෙන ලාංකේය ජන විඥානයේ අල්පේච්ඡුතාව මතින් ගොඩනැගුණු භූමි උරුමයක් පිළිබඳ අපූර්ව කතාන්දරයක් ඇත. ඒ ජීවිතයේ අවසානයේ කාටත් හිමිවන හතර රියනේ අයිතියයි. සල්ලිකාරයා, බලවතා හෝ දුප්පතා යන බෙදීම් වලංගු නොවන හතර රියනේ අයිතියද තම තත්ත්වය පෙන්වන්නට යොදාගන්නා යුගයන්ද නොතිබුණාම නොවේ. ගමේ මුලාදෑණිවරු මෙන්ම රදළ වලව්කරුවන්ගේ හතර රියන වෙන්වූයේ වලව්වේම ඉඩම්වලිනි. එහෙත් ගමේ දුප්පතාට හිමිවූයේ කැලෑ බදව වූ සොහොන් පිට්ටනියයි.

පාලකයන්ට අමාරු වෙන පෙබරවාරියේ කුජ මාරුව

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වසන්නේ යැයි පැරැුණි කියමනක් ඇත. ඒ එක අත්තේ වැසීම හරහාම සුබදායී තත්ත්වයන් උදාවීමද අසුබදායී තත්ත්වයන් නිර්මාණය වීමද සිදුවෙයි. මෙම එක අත්තේ එකට එකතුවීම යන ආප්තෝපදේශය තුළින් පැරැුන්නෝ වැඩි වශයෙන්ම පැවසුවේ සුබදායී පුද්ගල එකතුවකට වඩා සමාජයට ගැටලූවක් වන ආකාරයේ පුද්ගලයන්ගේ එකතුවීම් පිළිබඳය. ජ්‍යොතිෂ්‍ය තුළද එක ජාතියේ ග‍්‍රහයන්ගේ එකතුවීම් පිළිබඳ කතා කරයි. පාප ග‍්‍රහයෝ එකට එක්වීමෙන් පාප නැතහොත් දුර්යෝග උදාවීමද සුබ යැයි සම්මත ග‍්‍රහයන් එකට එක්වීම හරහා සුබ යෝග නැතහොත් විවිධාකාරයේ විශේෂිත යෝග (රාජ යෝග ආදී...) උදාවීමද සිදුවෙයි.

ඉඩමේ බෑවුම ශුභ දිසාවට ද?

පදිංචිය සඳහා නිවසක් ඉදි කිරීමේදී ඒ සඳහා තෝරාගත යුතු ඉඩම ඉතා වැදගත් සාධකයකි. අප ඉඩම්වල දෝෂ තත්ත්වයන් හදුනා ගත හැකි ක්‍රම කිහිපයක් පෙන්වා දුන්නෙමු. ඉඩමේ පවතින බෑවුම අනුව ද එම ඉඩමේ පවතින ශුභ අශුභ පිළිබ අවබෝධයක් ලබා ගත හැකිය.

ජවිපෙ විප්ලවය පැරදුණේ ඇයි ?

"මිනිසුන් ස්වකීය ඉතිහාසය නිර්මාණය කරයි. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුනට රිසි පරිදි නොවේ. ඔවුන් තෝරාගත් තත්ත්වය යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින ඔවුනට ලැබී ඇති සහ ඉතිහාසයෙන් සංක‍්‍රමණය වූ තත්ත්වයන් යටතේ ඔවුන් එය නිර්මාණය කරයි"

- කාල් මාක්ස් -