ජවිපෙ විප්ලවය පැරදුණේ ඇයි ?

"මිනිසුන් ස්වකීය ඉතිහාසය නිර්මාණය කරයි. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුනට රිසි පරිදි නොවේ. ඔවුන් තෝරාගත් තත්ත්වය යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින ඔවුනට ලැබී ඇති සහ ඉතිහාසයෙන් සංක‍්‍රමණය වූ තත්ත්වයන් යටතේ ඔවුන් එය නිර්මාණය කරයි"

- කාල් මාක්ස් -

ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වීමට හේතු කාරණා නිර්මාණය වීම උදෙසා ක‍්‍රියාත්මක වූ තත්ත්වයන් දෙස හැරී බැලීමේදී කාල් මාක්ස්ගේ ඒ ප‍්‍රකාශයේ ප‍්‍රබල සත්‍යතාවක් ඇති බව පෙනී යයි.
ආගම මිනිසාගේ දෘෂ්ටිය වසා දමන බව මාක්ස් ප‍්‍රකාශ කළද අප මෙවර උත්සහ දරනුයේ වෛදික ජ්‍යොතිෂ්‍යය සම්ප‍්‍රදායන් තුළ ජනතා විමුක්ති පෙරමුණ නිරාවරණය කරන්නටය. එයට මූල බීජයක් වන්නා වූ හේතු සාධකයක්ද ඇත. ඒ කේ.ඞී. ලාල්කාන්ත අනාගත ජනතා විමුක්ති පෙරමුණේ ගැලවුම්කරුවා නොහොත් නායකයා ලෙස පෙරමුණට යවන්නට දරන උත්සහයයි.
එනම් ඉදිරි බස්නාහිර මැතිවරණය උදෙසා ලාල්කාන්ත මහතාව පක්ෂය විසින් නම් කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙය බිඳ වැටුණු ජනතා විමුක්ති පෙරමුණ නගාසිටුවීම උදෙසා පදනමක් නැතහොත් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කර ගත හැකි වේවිද යන්න විමසා බැලිය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වන්නේ 1965 වසරේ මැයි 14 වැනිදා අක්මීමන කම්කරුවකුගේ නිවස තුළ තරුණයන් හත් දෙනෙකුගේ එක්වීමක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහි ප‍්‍රධානියා වූයේ පටබැඳිගේ දොන් නන්දන විජේවීර හෙවත් රෝහණ විජේවීරය. එය අහඹු සිදුවීමක් නොවේ. එය එවකට පැවැති ධනේෂ්වරකරණය වූ වමේ දේශපාලනයට එරෙහි වීමකි.
ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් බිහිවීම උදෙසා එදින පැවැති ග‍්‍රහචාරයද යම් මට්ටමකින් හේතු වී ඇති බව පෙනීයන කරුණකි. මෙය අවබෝධ කර ගැනීම උදෙසා තත්කාල ලංකා කේන්දරයේ ග‍්‍රහ පිහිටීම දෙස අවධානය යොමු කළ යුතුව ඇත.
විපක්ෂය නියෝජනය වන්නේ ලංකා කේන්දරයේ හතර වැන්නෙන් වීම තුළ එදින හතර වැනි භාවය තුළ ගෝචරයෙන් ග‍්‍රහයන් තිදෙනකු ගමන් කරමින් සිටියේය. ඒ ගුරු, සිකුරු හා රාහුය. සිකුරු යනු හතර වැනි භාවයේ අධිපතියා වීම හා සිකුරු විසින්ම විපක්ෂය නිවේදනය කිරීම තුළ ඒ මොහොතේ බලවත් විපක්ෂයක් බිහිවීමේ හැකියාව පවතී. නමුත් ගැටලූව වන්නේ එහිම රාහු තැන්පත්ව සිටීමයි. රාහු යනු රහස් සංවිධාන, කුමන්ත‍්‍රණකාරි තත්ත්වයන් මෙන්ම
ආවේගකාරිත්වය නිර්මාණය කරන ග‍්‍රහයෙකි. චීන කොමියුනිස්ට් පිලේ ක‍්‍රියාකාරී සාමාජිකයකු වූ රෝහණ විජේවීර එයින් පරිබාහිරව විප්ලවවාදී දේශපාලන ප‍්‍රවාහයක් නිර්මාණය කරන්නට පොළඹවනු ලබන්නේ මෙම රාහුගේ බලපෑමයි.
 සාමාන්‍ය ජ්‍යොතිෂ්‍යය සම්ප‍්‍රදායන් තුළ රාහුව හඳුන්වන්නේ ඔළුව නැති ග‍්‍රහයා ලෙසය. ඒ හරහා කියාපාන්නේ බුද්ධියට වඩා ජවයට මූලිකත්වය දී ක‍්‍රියා කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවයද එයයි. මේ ආරම්භක අවස්ථාව තුළ හතර වැනි භාවයේ ගුරු තැන්පත්ව සිටීම තරමක ගැටලූකාරී තත්ත්වයකි. ගුරුගෙන් නිවේදනය වන්නේ උපදෙස් දෙන්නන්ය. ගුරු උපදෙස් දෙන්නේ පාලක පක්ෂයටය. එනම් ගුරු සුර (ගුරු* ඒ දෙවියන්ගේ ගුරුවරයා ඔහු ඒ අවස්ථාවේ විපක්ෂය තුළ සිටීම හරහා සිදුවනුයේ විපක්ෂය තුළ සිදුවන සියලූ කුමන්ත‍්‍රණකාරී සිදුවීම් පාලක පක්ෂය තුළට ගලා යෑමයි. එවකට සිටි රජය වූයේ ඩඞ්ලි සේනානායක ප‍්‍රමුඛ එජාප රජයයි.
මෙම ග‍්‍රහ පිහිටීම තුළ බල ගන්වන විපක්ෂය උදෙසා රෝහණ විජේවීර මැදිවන්නේ ඇයි දැයි කියා යමෙකුට සිතෙනු ඇත. එයටත් හේතුවක් ඇත. එම අවධියේ ඔහු ගත කරමින් සිටින්නේ කේතු මහා දශාවයි. කේතු යනු වෘශ්චික ලග්නයේ අධිපතියාය. රෝහණ විජේවීරගේ කේන්දරය තුළ කේතු තුන්වැනි භාවයේ තැන්පත්ව සිටියි. එනම් තම වර්ධනය උදෙසා අලූත් කාර්යයක් ක‍්‍රියාත්මක කිරීමට මුලපිරීමට විශ්වය අවස්ථාව උදාකර දීමයි. එය ඔහුගේ ජීවිතයේ විනාශයටද හේතු වන්නක් බවට පත් වෙයි. එයටද හේතුවක් ඇත. කුජ හය වැන්නේ සිටිමින් ලග්නය තුළට නිරන්තර සතුරුකම් ක‍්‍රියාත්මක කරවීමයි. විජේවීර තම සාර්ථකත්වය උදෙසා ගනු ලැබූ සැම මුලපිරීමක්ම තමා වටා සිටි පිරිසම විනාශ කර දැමූ බව පෙනී යන කරුණකි.
එයට ඇති හොඳම නිදසුන 1961 වසරේදී සෝවියට් දේශයේ ලූමුම්බා සරසවියේ වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස වසරේ දීප්තිමත්ම ශිෂ්‍යයාට හිම රන් පදක්කම හිමි කර ගත් ඔහුට තම උපාධිය සම්පූර්ණ කර ගත නොහැකි වූයේ අසනීප නිවාඩු පිට ලංකාවට පැමිණීමෙන් පසු ඔහු චීන කොමියුනිස්ට්වාදියකු බවට තානාපති කාර්යාලයට යම් කිසිවකු තොරතුරු ලබා දී තිබීම හේතුවෙනි. එයට හේතුවක්ද ඇත. ඔහුගේ කේන්දරය තුළ තුන්වැනි භාවය සාපයකට ලක් වී තිබීම හේතුවෙන් මුලපිරීමට බාධා වීම සාමාන්‍ය කරුණක් බවට පත් වෙයි.
රෝහණ විජේවීර විසින් නිර්මාණය කරන ලද තරුණ අරගලකාරී නැතහොත් ගැලවුම්කාරී ව්‍යාපාරය වටා වැඩි වශයෙන්ම එකතු වනුයේ තරුණ පිරිස වීම විශේෂයකි. එසේ එක් වූ තරුණ පිරිස අවස්ථා 2කදී මහා භීෂණයක් තුළ විනාශ වී ගිය බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවෙයි.
එහෙත් 71 අපේ‍්‍රල් 5 වැනිදා විජේවීර නැතහොත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ මුලපිරීමට විශ්වයෙන් එල්ල වන බාධාව හා ආරම්භයේ සිටම පක්ෂය තුළ පාලක පක්ෂය හරහා එල්ල වූ ගුරුගේ බලපෑමද සැලකිල්ලට ගත යුතුය. පක්ෂ ඉතිහාසය තුළ මෙවැන්නක් සඳහන්ව නැති බැවින් මේ පිළිබඳ තර්ක විතර්ක මත විය හැකිය. එහෙත් මූලික රැුස්වීම පැවැත් වූ අවස්ථාවේ විපක්ෂය තුළ සිටි ගුරු 71 කැරැුල්ල අසාර්ථක වන අවස්ථාවේදී වක‍්‍ර වී පාලක පක්ෂය නියෝජනය කරන දසවැන්න තුළ තැන්පත්ව සිටියි. වක‍්‍ර වීම යනු දඬුවම් දීම උදෙසා ක‍්‍රියාත්මක වීමයි. මෙය ඉතා පැහැදිලි තත්ත්වයකි. ආරම්භක අවස්ථාවේ සිටම ඉතා සියුම් ලෙස සියලූ ක‍්‍රියාවන් සම්බන්ධව තොරතරුැ ගලා ගිය බව මේ හරහා තේරුම් ගතහැකි වෙයි.
එසේ නොමැති නම් විපක්ෂය නියෝජනය කරන සිකුරු ඒ අවස්ථාවේදී කුම්භ ලග්න ලංකා කේන්දරයේ ලග්නය තුළටම පැමිණ තිබූ මොහොතකි. අනෙක් කාරණය වන්නේ ප‍්‍රධාන පාලකයා වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නැතහොත් රවි විසින් නිවේදනය කරනු ලබන ප‍්‍රධාන පාලකයා සතුරු භාවයක් තුළ තැන්පත් වීම හරහා දුර්වල වූ අවස්ථාවකි. එනම් ස්ථිර ලෙසම ඒ අවස්ථාව තුළ විප්ලවය ජය ගැනීමේ හැකියාව පැවතුණි.
ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ දිනයේ ග‍්‍රහ පිහිටීම අනුව බලන කල ගුරු නැතහොත් උපදෙස් දෙන්නා නෛසර්ගිකවම එජාපයේ බාධාව බවට පත් වෙයි. එනම් ජවිපයේ සමස්ත ක‍්‍රියාවලියම පසුගාමී
බවට පත් වන්නේ එහි ක‍්‍රියා කරන්නන්ගේ වරදින් නොව උපදෙස් දෙන්නන්ගේ වරදිනි.
ජනතා විමුක්ති පෙරමුණ වරින් වර කඩා වැටීමට ප‍්‍රධානම අසුබ සුබ බලපෑම ඇති කරනු ලබන්නේ ඒ මොහොතේ ක‍්‍රියාත්මක වන මාන්දි නම් උපග‍්‍රහයාගේ අශුභ බලපෑමය. මාන්දි විසින් සිදුකරනු ලබනුයේ නිසි ඇගැයීමකින් තොරව අ¥රදර්ශීව ගනු ලබන තීරණ හේතුවෙන් සමාජයෙන් ප‍්‍රතික්ෂේප වීම හා පරිහානියට පත් වීමයි. පක්ෂයක් ලෙස ගත් කල ජනතා විමුක්ති පෙරමුණේ පළමු රැුස්වීම පැවැත් වූ මොහොතේ ආකාස සිතියම සුබදායී නැත. එයට හේතුවනුයේ ගුරු සිකුරු හා රාහු එක්වීම තුළ ගුරුවරු දෙදෙනාගේම ක‍්‍රියා කලාපය පසෙක තිබියදී රාහු ක‍්‍රියාත්මක වීමයි. ආවේගය, වෛරය, පීඩනය, අ¥රදර්ශී බව ආදී රාහුගේ ගති මෙන්ම අන් අයට තේරුම් ගත නොහැකි න්‍යායාත්මක තර්ක හා රහස් ක‍්‍රියාවන්ට වැඩි දායකත්වයක් සපයයි. අනෙක් කාරණය වනුයේ රාහු බලවත් වීම මත ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් තුළ නිර්මාණය කරනුයේ ඇවිදීම, පීඩනය හා ආවේගශීලිත්වයයි.
1989 වනවිට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි පුපුරා යෑම සිදුවෙයි. මෙය එක් අතකින් ගතහොත් විජේවීරගේ ජනතා ව්‍යාපාරයේ බිඳ වැටීමයි. මේ බිඳවැටීම පැති දෙකකින් විග‍්‍රහ කළ හැකි වෙයි. ඒ අවස්ථාව වනවිට රෝහණ විජේවීර මහතාගේ කේන්දරය තුළ සක‍්‍රියවෙමින් පැවතියේ සිකුරු හා කේතුගේ බලපෑමයි. සිකුරු යනු විජේවීරගේ කේන්දරයේ හත්වැන්නාධිපති හා දෙවැන්නාධිපතියි. සිකුරු ගෝචරයෙන් දෙවැන්නට පැමිණීම හරහා සිදුවනුයේ ජන්මියාට තම සම්පත්, සබඳතා මෙන්ම තව ජීවිතය අතහැර දැමීමට සිදුවීමයි. අනෙක් ප‍්‍රධානම ගැටලූව වනුයේ ලග්නාධිපති වන කේතු ඒ මොහොතේ එනම් 1989 නොවැම්බර් 13 වැනිදා ගෝචරයෙන් කටකයේ ගමන් කිරීම තුළ බාධක ස්ථානයට පැමිණීමයි. ලග්නාධිපති බාධක ස්ථානයට පැමිණීම හරහා සිදුවනුයේ පෙර ආත්මයේ තමන් සිදුකළ කර්මයට තමා මැදිවීමයි. එනම් බාධකයට අයත් කර්මය ක‍්‍රියාත්මක වීමයි. මෙහිදී රෝහණ විජේවීරගේ ලග්නය තුළ තම මව නියෝජනය කරන චන්ද්‍රයා බාධක ග‍්‍රහයා වී සිටියි. එනම් එහිදී ඔහු පෙර කර ඇති කර්මය අවබෝධ කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.
වර්තමානය වනවිට ජනතා විමුක්ති පෙරමුණට සිදු වී ඇත්තේ කුමක්දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. 1982 මැතිවරණයෙන් ලබා ගත් 4%ක ඡුන්ද පදනමද මේ වනවිටත් ඔවුනගෙන් ගිලිහී යමින් තිබේ.
මේ මොහොත තුළ තත්කාල ලංකා කේන්දරයේ ග‍්‍රහ බලය හා ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවස්ථාවේ ග‍්‍රහ පිහිටීමට සාපේක්ෂව සලකා බලන කල ලාල්කාන්ත හෝ වෙනත් චරිතයක් එයට ආදේශ කළද යහපත් ප‍්‍රවණතාවක් උදාකර ගැනීමේ අවස්ථාව උදාවන්නේ නැත.
මෙහිදී මාර්තු මාසයට පෙර ඡුන්දයක් පැවැත්වේ යැයි යන්න අප අනුමාන කරමින් මෙම තත්ත්වය විග‍්‍රහ කරනු ලබයි.
නායකයකු බිහිවීම හෝ බිහිකිරීම උදෙසා ග‍්‍රහ බලය ප‍්‍රබල දායකත්වයක් සපයයි. ඡුන්දයට ඉදිරිපත් වන සියල්ලෝ ජය නොගන්නේ එබැවිනි. ජනප‍්‍රියත්වය යන්න එක සාධකයක් වන අතර නායකයකු හෝ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේදී ග‍්‍රහ බලය අතින් ශක්තිමත්ම පුද්ගලයාව ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම පක්ෂයක ජයග‍්‍රහණයට හේතු වන්නකි. මෙහිදී අප තේරුම්ගත යුතු දෙයක් ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට ඔහු මිය යන තෙක් එකදු ජයග‍්‍රහණයක් හෝ ලබාගන්නට අවස්ථාව උදා වූයේ නැත. එනම් මුලපුරන්නට ඔහුට අවස්ථාව දීමට විශ්වය සූදානම් වූයේ නැත. ජවිපෙ යනු ඔහුගේ මුලපිරීමේ ප‍්‍රතිඵලයයි. එසේ නම් එහි වර්ධනය දියුණුව උදෙසා ගනු ලබන කිසිදු තීරණයක් ජයග‍්‍රාහී නොවනු ඇත. උපදෙස් දෙන්නන් නැතහොත් ගුරුගේ නියෝජනය ඔවුන්ව පීඩාවට පත් කරන තාක් පක්ෂය පසුපසට මිස ඉදිරියට නොයනු ඇත.


වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර