රාහුගේ සෙල්ලමෙන් තරු ජනතාවට පෙනෙයි

පිරමීඩ යනු ලෝකයේ නොවිසඳුණු අභිරහසකි. පැරැුන්නන්ට නම් එය අභිරහසක් නොවේ. එසේ පවසනුයේ ඒවා ඉදිකළේ අපේ පැරැුන්නෝ වන හෙයිනි. ඒ කෙසේ වෙතත් පිරමීඩ යනු ශක්ති ගබඩා යැයි අමුතුවෙන් කිව යුතු නැත. එය ලොවම පිළිගන්නා කරුණකි. එසේම වාස්තු සිද්ධාන්තයන් තුළ පිරමීඩ භාවිතයෙන් තවත් තැනක සිට තවත් තැනකට ශක්තිය ගෙන යෑමේ ක‍්‍රමවේදයන්ද භාවිත කරති. ඒ යම් භූමියක සමතුලිතතාව පවත්වාගෙන යෑම උදෙසාය.


ජ්‍යොතිෂ්‍යය ලිපියක් තුළ පිරමීඩ ගැන කතාකරන්නට හේතු වනුයේ කුමන කරුණක් දැයි ඔබට සිතෙනු ඇත. ජන්මියා උපදින මොහොතේ අහස් සිතියම කොටු 12ක් තුළට ගෙන ආ කේන්දරය යනුද පැරැුන්නන්ගේ අද්විතීය සොයා ගැනීමකි. ජන්මියා සතු සියලූ ශක්තීන් තැම්පත් වූ පිරමීඩයක් ලෙසින්ද මෙය හඳුන්වාදිය හැකි වෙයි. එහි මධ්‍ය ලක්ෂ්‍යය නැතහොත් ලග්නය සමස්ත ශක්තිය කේන්දරගත වන ස්ථානය බවට පත්වෙයි. ජන්මියා යනු සමස්ත වචනයෙන් එය අර්ථකථනය කළ හැකි වෙයි. ලග්නය යන්න ජන්මියාගේ ජීවිතයේ දිශානතිය තීරණය වීමට වැදගත්ම සාධකයක් බවට පත්වන්නේද එබැවිනි.

පිරමීඩයේ ගොඩනැගිල්ල යනු ඇසට පෙනෙන දෙයයි. නැතහොත් ත‍්‍රිමාණික තත්ත්වයයි. එසේ වුවත් මතුපිටින් දකින දෙයට වඩා වැදගත් වන්නේ එහි නොපෙනෙන අන්තර්ගත ශක්තිය නැතහොත් කි‍්‍රයාත්මක වීමය. වෛදික සම්ප‍්‍රදාය තුළ කේන්දරය තුළ ශක්තිය කි‍්‍රයාත්මක වනුයේ ති‍්‍රකෝණ හතරක් මුල්කරගෙනය. මෙය ති‍්‍රකෝණ ලෙසින් තේරුම් ගැනීමේ පහසුව උදෙසා කතා කළද මේවා සැබැවින්ම ශක්ති පිරමීඩයන් හතරකි.

අර්ථ ති‍්‍රකෝණය, ධර්ම ති‍්‍රකෝණය, කාම ති‍්‍රකෝණය හා මෝක්ෂ ති‍්‍රකෝණය යනු එම ති‍්‍රකෝණ හතරයි. ඒ අතරින් ධර්ම ති‍්‍රකෝණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ධර්ම ති‍්‍රකෝණය යනු කේන්දරයක පළමු භාවය, පස් වැනි භාවය හා නව වැනි භාවය හරහා කි‍්‍රයාත්මක වන ශක්ති ප‍්‍රවාහයයි. කේන්දරයක සුබඵලදීමේ ප‍්‍රධානතම ස්ථාන තුන ලෙසින් සැලකෙන්නේද මෙම ස්ථානයන් තුනය.

තත්කාල ලංකා කේන්දරයට අනුව ධර්ම ති‍්‍රකෝණය බොහෝ ගැටලූ සහගත තත්ත්වයන් තුළ කි‍්‍රයාත්මක වන මොහොතක දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු නිර්මාණය වෙමින් පවතී. මැතිවරණ යන්න ලාංකේය සමාජයට අරුමයක් නොවූවත් ජනතා ඡුන්දයේ වටිනාකම පිළිබඳ දෙවරක් සිතන්නට සිදුවන පරිසරයක්ද නිර්මාණය වෙමින් පවතී. ඒ දේශපාලනය ගැන කිසිදු දැනීමක් නැති ජනප‍්‍රියත්වය හා වෙනත් සාධකයන් මතින් නිළියන් කිහිපදෙනෙකු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමයි.


නදීශා, ගයේෂා, අනර්කලී, රුවන්ති හා ජිංජර් අලූතින්ම ඉදිරිපත්වන නිළියන් හා ගායිකාවන්ය. නිළියන් හෝ ගායිකාවන් වූ පමණින් ඔවුන් දේශපාලනයට නුසුදුසු යැයි කියන්නටද අපට නොහැකිය. ඒ අතරම තවත් කාන්තා චරිත දෙකක් ඡුන්ද සටනට එක්වී ඇත. ඒ ජීවන් කුමාරතුංගගේ දියණිය වූ මල්ෂා හා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකාය.

ලාංකේය කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ ධර්මතා බිඳ වැටී ඇති මොහොතක නිර්මාණය වන දේශපාලනික පරිසරය කෙබඳු දැයි යන්න ජ්‍යොතිෂ්‍යමය විග‍්‍රහයක් තුළින් අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

කුම්භ ලග්න තත්කාල ලංකා කේන්දරයේ නව වැනි භාවයේ ශනි හා රාහු තැම්පත්ව සිටියි. ශනි හා රාහු කුම්භයේ සම අධිපතීන් දෙදෙනාය. නව වැනි භාවය තුළින් ප‍්‍රධාන වශයෙන් නිවේදනය වන්නේ රටක ධර්මතාවන්ය. එසේම රටේ උරුමයන් හා සම්ප‍්‍රදායන්ය. නව වැනි භාවය යනු අපේ උරුමය මෙන්ම අපේ අතීතයයි. අතීතයෙන් ලැබෙන ශක්තිය ඇත්නම් ඒ ශක්තිය පළමු භාවය වෙත ගමන් කරනු ලබයි. නව වැනි භාවයෙන් පළමු භාවයට ශක්තිය ගමන් කළහොත් පමණක් ජන්මියාගේ සාර්ථකත්වය, දියුණුව, බලය ස්ථාවරත්වය යන ඒවා වෙත ළඟාවීමට අවස්ථාව නිර්මාණය වීම සිදුවෙයි. එහෙත් තත්කාල ලංකා කේන්දරයේ නව වැනි භාවයේ ශනි හා රාහු තැම්පත්ව සිටීම හරහා ධර්මස්ථානය බිඳ වැටීමකට ලක්වෙයි. එයට හේතු වන්නේ රාහු නව වැනි භාවයේ තැම්පත් වූ විට මරණකාරක භාවයට පත්වීමයි. එනම් ධර්මස්ථානයේ සියලූ සුබඵල විනාශවී යෑමයි. සරලව පවසතොත් පන්සලක් හොරෙකුට භාර දීම හා සමාන තත්ත්වයකි.

නව වැනි භාවය තුළින් මූලිකම වශයෙන් නිවේදනය කෙරෙන කාර්යය වනුයේ ධර්මතා රැුකීමය. ධර්මතා යන්න මූලික මාර්ගයන් දෙකක් යටතේ විග‍්‍රහ කළ හැකි වෙයි. එක් පැත්තකින් බැලූ විට ධර්මතා යනු සමාජ සම්මතයන්ය. එනම් බෞද්ධ රටක් තුළ හරි හෝ වැරැුදි ලෙසින් තීරණය වී ඇති කාරණාවන්ය. දෙවැන්න නම් සමාජයට ඉටුවිය යුතු හා සමාජයෙන් පෙරළා ඉටුවිය යුතු යුතුකම් හා වගකීම්ය.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ නව වැනි භාවයේ මේ මොහොත තුළ රාහු මරණකාරක වීම හා ඡන්ද දායකයා නැතහොත් වැඩකරන ජනතාව නියෝජනය කරන ශනි ඒ තුළම තැම්පත්ව සිටීම හරහා ඇති කරනුයේ ධර්මතා දැඩි ගැටලූවකට මැදිකරන පරිසරයක් නිර්මාණය කිරීමයි. එනම් ඡුන්ද දායකයා මතින්ම සමාජ සම්මතයන් කඩා බිඳ දැමීමය. පාලකයන් හා මෙහෙයවන්නන් තොරාගැනීමේදී රාහුගේ ස්වභාවයෙන් කටයුතු කිරීමට ජනතාව පෙළඹවීමය. රාහුගේ ස්වභාවය යනු කුමක්ද යන්න මෙහිදී අවබෝධ කරගතයුතු වෙයි. රාහු යනු ඔළුව නැති ග‍්‍රහයා ලෙසින් හඳුන්වන ග‍්‍රහයාය. මිනිස් කඳක් හා නයි ඔළුවකින් සංකේතවත් වන රාහු කි‍්‍රයාකරනුයේ බුද්ධිය හෝ ඉදිරිය බලා නොව ශරීරයට දැනෙන හා හැෙඟන දේ මතයි.

පාලක පක්ෂය නියෝජනය කරන කුජ අට වැනි භාවයේ ගෝචරයෙන් ගමන් කරමින් සිටීම හරහා පාලක පක්ෂය දෙසට අවමාන අපහාස නිර්මාණය වෙමින් පවතින මොහොතක හා රවි ලංකා කේන්දරයේ දොළොස්වැන්නට පැමිණීම තුළ මරණකාරක තත්ත්වයකට මැදිවීම හරහා රජුගේ බලය තරමක් බිඳ වැටෙන මොහොතක රාහුගේ ස්වභාවය කි‍්‍රයාත්මක කරවනු ලබන්නේ වෙනත් විකල්පයක් නොමැතිකමට වඩා පවතින ග‍්‍රහචාරයෙන් වැඩි ප‍්‍රතිඵල නෙළාගැනීම උදෙසාය. එනම් බුද්ධිය හා ධර්මතා බිඳ වැටී ඇති මොහොතක පංචේද්‍රියන්ට ගෝචර වන දෙයින් පාලකයන් ස්ථාවර වීම උදෙසා උත්සහ දැරීමය.

නදීශා හා ගයේෂා යනු ලාංකේය සිනමාව තුළ පංචේද්‍රියන්ට ගෝචර වන ලාංකේය තාරුණ්‍යය තුළ පසුගිය ආසන්නතම කාල පරාසය තුළ වැඩි කතාබහට ලක් වූ චරිත දෙකකි. ජිංජර් යනු සංගීත සංදර්ශනවලදී රසිකයන් ප‍්‍රමෝදයට පත්කරන ගායන ක්ෂේත‍්‍රයේ ගිනි සිළුව ලෙසින් හඳුන්වන චරිතයකි. මේ තිදෙනාගේම ඇති විශේෂත්වය පංචේද්‍රියන් පිනවීම යන්න මුල් කරගෙන කටයුතු කිරීමයි. නදීශා හා ගයේෂා රඟපෑම තුළින් ජනතාවගේ ඇස පිනවන අතර ජිංජර් විසින් රසිකයාගේ කන හා ඇස පිනවනු ලබයි. එනම් ඒ රාහුගේ ස්වභාවය කි‍්‍රයාත්මක වීමයි.

මෙහි පවතින ප‍්‍රධානම ගැටලූව වන්නේ ධර්ම ත‍්‍රිකෝණයේ ශක්ති ආරම්භ වන තැන එසේත් නැතිනම් විශ්වයෙන් හෙළ පොළොවට ශක්තිය ලැබෙන තැනින් බුද්ධිය මුල්කරගත් තීරණ වෙනුවට රාහු, තීරණයන් ගැනීම හේතුවෙන් නව වැනි භාවයෙන් ලබාගන්නා ශක්තිය මතින් කි‍්‍රයාත්මක වන පළමු වැනි භාවය දැඩි ගැටලූකාරී තත්ත්වයකට මැදිවීමයි. මෙහිදී පළමුවැනි භාවය යනු වර්තමානයයි. එහිම නව වැනි භාවය යනු අතීතයයි. ලාංකේය සමස්ත සමාජය නිරූපණය වන්නේ කුම්භ ලග්නය ලෙසින් හඳුන්වන ලග්න භාවය හරහාය. රාහු නව වැනි භාවයේ මරණකාරක වීම හරහා පළමු භාවය තුළට ශක්තිය ගලා නොඑයි. ඒ වෙනුවට සිදුවන්නේ පංචේද්‍රියන් පිනවීම උදෙසා ගනු ලබන තීරණ බලහත්කාරයෙන් වර්තමානය වෙත ඇදගෙන ඒමයි. එහෙත් ඒ මතින් සමාජයට යහපතක් සිදුවන්නේ නැත.

එය බොහොම සරල සිද්ධාන්තයකි. අතීතයෙන් ශක්තිය වර්තමානයට ගලානොඑන විට සිදුවනුයේ ජන්මියා තම ස්ථාවරත්වය වෙනුවෙන් දැඩි ලෙස වෙහෙස වීමට සිදුවීමය. එනම් දේශපාලනඥයන්ගේ මෙම තීරණ හරහා ලාංකේය සමාජයට සිදුවන යහපතක් පිළිබඳව සිතන්නටවත් නොහැකි වීමය. සමස්තයක් ලෙස ගත්කල පාලක, පක්ෂය පාලක පක්ෂය ස්ථාවර කර ගැනීම උදෙසාත් විපක්ෂය බිඳ වැටුණු තම ජනප‍්‍රියත්වය යළි රැුගෙන ඒම උදෙසාත් අපේක්ෂකයන් තම දියුණුව උදෙසාත් කි‍්‍රයාකරනු මිස රටේ සංවර්ධනයට, ජනතාවට යහපතක් සිදුවන තත්ත්වයක් උදාවන්නේ නැත.

ති‍්‍රකෝණයක් යනු කොන් තුනකි. නව වැනි භාවය අතීතය නම් හා පළමු වැනි භාවය වර්තමානය නම්, අතීතයෙන් එහා ශක්තිය වර්තමානය හරහා ගලා යා යුත්තේ අනාගතයටය.

කේන්දරයක් තුළින් අනාගතය පිළිබඳ කතාකළ හැකි භාවය වන්නේ පස්වැන්නයි. එනම් ධර්ම ති‍්‍රකෝණයේ ඊළඟ කෝණය එයයි. අපේ දරුවන් පිළිබඳ කතාකරනු ලබන්නේද පස්වැනි භාවයෙනි. දරුවන් අපේ අනාගතය යැයි කියන්නේද ඒ නිසාය. එහෙත් ලංකා කේන්දරයේ ලග්නය වන කුම්භයේ අධිපතියන් දෙදෙනාම නව වැන්නේ පීඩාවී සිටින මොහොතක ඉදිරි පාලන කාලය නැතහොත් අනාගතය සම්බන්ධයෙන් ගනු ලබන තීරණවලින් අනාගතය උදෙසා යහපතක් සිදුවෙතැයි සිතිය නොහැකිය. එයට සරලව පෙන්වාදිය හැකි කරුණ නම් පළමු භාවයෙන් ශක්තිය පස්වැන්නට ගලා නොයෑමයි.

මෙය අපට සරල උදාහරණයක් හරහාද තේරුම් ගත හැකි වෙයි. අතීතය යනු පියාය. පියා මියගොස් නම් හෝ පිය උරුමයන් නොමැති නම් දරුවකුට කිසිවක් උරුමයෙන් හිමිවන්නේ නැත. එවිට සිදු වනුයේ වර්තමානය තුළ දරුවාට ස්ථාවරවීම උදෙසා දැඩි ලෙස වෙහෙස වීමටය. දිගින් දිගටම වෙහෙස වෙමින් සිටිනු විනා තම දරුවන්ට ලබාදෙන්නට උරුමයන් කියා කොටසක් ඔහු තුළ පවතින්නේ නැත. මේ මොහොත තුළ ධර්ම ති‍්‍රකෝණයේ කි‍්‍රයාකාරිත්වය හරහා ලාංකේය දේශපාලනය තුළ මේ මොහොතේදී සිදුවෙමින් පවතින්නේ අපේ දරුවන්ට අපේ රටට මෙන්ම හෙට දවස උදෙසා කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති සිදුවීම් පෙළකි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර