ලග්නය සහ උදා ලග්නය (Ascendant)

ලග්නය යනු යම් මොහොතක් සදහා සකසන ලද කේන්දර සටහනක නිශ්චිත ලක්ෂයකි. බොහෝ විට ලග්නය යන පදය උදා ලග්නය Ascendant වෙනුවට භාවිතා කරයි. සාමාන්‍ය භාවිතයේදී ලග්නය යන්න විශේෂයෙන් අර්ථ දක්වා නොමැති විට එය උදා ලග්නයයි.
උදා ලග්නය
යම් මොහොතකදී නැගෙනහිර ක්ෂිතිජයේ ඇති රාශිය උදා ලග්නය වේ. ඒ මොහොතේ එම රාශිය තුළ ගමන් කර ඇති අංශක ගණන (අයනාංශකය/longitude)  ලග්න ස්ඵුටය වේ.

චක්‍ර

යම් කිසි මොහොතක ග්‍රහ පිහිටීම ආදිය සටහන් කිරීමට විවිධ චක්‍ර භාවිතා කරයි. ඒ මොහොත සදහා සකස් කරන ලද කේන්ද්‍ර සටහනක් මෙසේ චක්‍රයක් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය. මෙසේ යම් කිසි පුද්ගලයෙකුගේ උපන් වෙලාව සදහා සකස් කරන කේන්ද්‍ර සටහනට ජන්ම පත්‍රය යැයි කියමු. වේදීය ජ්‍යොතිෂයේදී ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර සටහන් (චක්‍ර) ක්‍රම තුනක් භාවිතා වේ.
  • බ්‍රිඟු චක්‍රය (Diamond chart)
  • සූර්ය චක්‍රය (Sun chart)
  • ගුරු චක්‍රය (South Indian Guru Chart)

භාව (Houses)

බොහෝමයක් වේදීය ජ්‍යෝතිෂ්‍ය සම්ප්‍රදායන් තුළ රාශි චක්‍රයේ සීමාවන්ම භාවයේ සීමාවන් ලෙස භාවිතා කරයි. එනම් රාශිය ආරම්භවන අංශක 0 සිට 30 දක්වා පරාසය තුළ භාවය බෙදී යන බව දක්වා ඇත. තවත් ක්‍රමයකින් කියනවානම් සෑම රාශියක්ම භාවයක් නිවේදනය කරයි. සෑම භාවයක ආරම්භය රාශියේ ආරම්භයට සමපාතව ලබා ගනී. පළමු භාවය අපට ඕනෑම ලග්නයකට අනුව ගණනය කළ හැකියි. බොහෝ විට භාවය යන්න උදාලග්නයට අනුව ගණනය කරයි. ඒ අනුව තුලා රාශියෙන් උපන් අයෙකුගේ පළමු භාවය වන්නේ තුලා රාශිය යි. දෙවෙනි භාවය වන්නේ වෘශ්චික රාශිය යි. 12 වෙනි භාවය වන්නේ කන්‍යා රාශිය යි.

කාලය මැනීම

ජ්‍යොතිෂයේ මූලිකම අංගයක් වන්නේ කාලය ගණනය කිරීම යි. ජ්‍යොතිෂයේදී කාලය මැනීම සඳහා හිරු හා සඳු උපයෝගී කරගනී. සම්මත කාල මැනීම් හා ජ්‍යොතිෂය කාල මැනීම් අතර වෙනස්කම් ඇත.

වසර (සූර්‍ය වර්ෂය)

ජ්‍යොතිෂයේදී වසරක් යනු පෘථිවිය සූර්යයා වගේ වටයක් ගමන් කරන කාලය (සූර්යයා පෘතිවිය වටේ සාපේක්ෂව ගමන් කරන කාලය) යි. මෙය සම්මත දින වලින් ගණනය කළ විට ආසන්න වශයෙන් දින 365.25 කි. සූර්‍ය වර්ෂය ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි වේ. වසරක් ආරම්භ කිරීමට නියත ලක්ෂයක් අවශ්‍යය. පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වන්නේ තමා වටාද කැරෙකෙමිනි.

පඤ්චාංගය

පඤ්චාංගය(හෝ පංචාංගය) වචනාර්ථයෙන් ගත්විට එයින් අර්ථවත් වන්නේ අංග පහක් නැතිනම් කොටස් පහක් යන්නයි. පඤ්චාංගය ලෙස හඳුන්වන්නේ  පුරාණ කාලය මනින ක්‍රමයන්ට අනුව ඕනෑම මොහොතකට හිමි ලක්ෂණ 5ක් දැක්වීමේ ක්‍රමයකි. වෙනත් ආකාරයකට සඳහන් කළොත් පඤ්චාංගය ලෙස හැඳින්වෙන්නේ එක් එක් දිනයන් හී ඕනෑම වේලාවක් සඳහා ඇති ලක්ෂණ දක්වන ලද කැලැන්ඩරයකි. මේ කැලැන්ඩරයේ එක් එක් දිනයට දක්වා ඇති ලක්ෂණ ගණන 5කි. ඒවා නම්,

බුධ වක්‍රවී සිසුන් අනතුරේ

ගුරු යනු ජීවිතයට ආලෝකය ලබාදෙන්නාය.ගුරුගෙන් නැතහොත් ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ලැබෙන්නේ දැනුම නොව ප්‍රඥා ලෝකයයි. සමාජය තුළින් අන්ධකාරයෙන් මිදී ජීවිතය දිශාගත කර ජයගත හැකිවන්නේ මෙම ආලෝකය හරහාය.
පැරැුණි ලාංකේය සමාජයේ ප‍්‍රඥාව බෙ¥ ගුරුවරයා විෂය නිර්දේශයක් තුළට ගොනු කිරීමත් සමගම දැනුම බෙදන්නකු බවට පත්වන්නට විය. එයට මූලිකම හේතුව වූයේ ගුරු ග‍්‍රහයාගේ ස්වභාවය තුළින් නිවේදනය වූ දැනුම ඉබේ උපදින ගුරුවරයා වෙනුවට වෙනත් කෙනකුගේ දැනුම බෙදන්නෙකු බවට පත්වීමයි.

ජ්‍යොතිෂය, විද්‍යාවෙන් බොරු කළ හැකිද?


ජ්‍යොතිෂය යනු විද්‍යාවක්‌ වුවද වර්තමානයේ ඇතැම් උගතුන් මෙය මිත්‍යාවක්‌ ලෙස බැහැර කරන අතර විවිධ අභියෝග කිරීම් ද කළ අවස්‌ථා කිහිපයක්‌ම විය. එසේ වීමට ඇතැම් ජ්‍යොතිෂවේදීන් යෑයි කියා ගන්නා පිරිස ද හේතුවක්‌ විය. ජ්‍යොතිෂයේ සියලුම කරුණු විද්‍යාත්මකව පැහැදිලි කිරීම හෝ ඔප්පු කිරීම සිදු කළ නොහැකි වුවද ඇතැම් කරුණුවල විද්‍යාත්මකභාවය විග්‍රහ කළ හැකිවේ. ඒ ගැන සුළු පැහැදිලි කිරීමක්‌ මෙම ලිපියෙන් අපේක්‌ෂා කෙරේ.

අපට හොඳ සුද්දට නරක ජනේරුව

උදා වූ නව වසර ලොවපුරා සියල්ලෝ සතුටින් සැමරූහ. ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපි ද එය සතුටෙන් සැමරුවෙමු. එහෙත් ලාංකිකයන් වූ අපට ජනවාරිය නව ඇරඹුමක් ලෙස පිළිගත හැකි ද? කි‍්‍රස්තු වර්ෂ කැලන්ඩරය වූ කලී බටහිර ජාතීන්  විසින් බලහත්කාරයෙන් සිංහලයාගේ කරමතට පැටවූවකි. ‘කිතු වස’ නැතහොත් ‘ක‍්‍රිස්තු වර්ෂ’ යනුවෙන් හඳුන්වනුයේ ක‍්‍රිස්තියානින්ගේ ශාස්තෘවරයා වූ ජේසුස් වහන්සේගේ මරණය මුල්කොටගෙන සැකසුණු කැලන්ඩරයයි.

චරිතයක වගතුග අත්අකුරෙන් සොයා බලමු


මිනිස්‌ සිතෙහි පවතින චිත්ත-චෛතසික බලය සිරුරපුරා පවතින විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි බලපා ශුභා ශුභ ප්‍රතිඵල විදහා දැක්‌වෙනු ඇත. මිනිසා හා බැඳී ක්‍රියාකරි ස්‌වභාවය අත් අකුරු තුළින්ද විද්‍යමාන වෙන්නේය. ඩෙරෙක්‌ ඩාවිස්‌ නම් ගවේෂකයාගේ ප්‍රකාශනය වූයේ යම්බදු විද්‍යාත්මක පදනමක බැඳී අත් අකුරු අපූර්වාත්මක ස්‌වරූපයක්‌ ගනු ලබන බවකි. විදෙස්‌ රටවල අත්අකුරු අරභයා විශේෂ අවධානය යොමු කෙරෙන බවද පෙනෙයි. වංචනික චෙක්‌පතක්‌ වරක්‌ පොලිසියට ලැබී අත් අකුරු පිළිබඳව ඩාවිස්‌ගෙන් යමක්‌ ප්‍රකාශ කරන ලෙස ඔහුට දැන්වීය. ඔහු කීවේ මේ වනවිට චෙක්‌පත ලීව පුද්ගලයා ජීවිතය අතහැර ගිය බවයි.

උදරයේ පිහිටීම හැඩය අනුව ස්‌ත්‍රියකගේ ගති ගුණ



උදරයේ පිහිටීම හැඩය අනුව ස්‌ත්‍රියකගේ ගති ගුණ එකිනෙකාට වෙනස්‌වේ. මීට අමතරව උදරයේ පිහිටන ලප, ඉන්නන් හා රේඛා වලින්ද විශ්මිත පලාපල සෘෂිවරුන් විසින් පෙන්වාදී ඇත. සෘෂි වදන්වලට අනුව ස්‌ත්‍රියකගේ උදරයෙන් කියෑවෙන පලාපල සලකා බලමු.