ලග්නය සහ උදා ලග්නය (Ascendant)

ලග්නය යනු යම් මොහොතක් සදහා සකසන ලද කේන්දර සටහනක නිශ්චිත ලක්ෂයකි. බොහෝ විට ලග්නය යන පදය උදා ලග්නය Ascendant වෙනුවට භාවිතා කරයි. සාමාන්‍ය භාවිතයේදී ලග්නය යන්න විශේෂයෙන් අර්ථ දක්වා නොමැති විට එය උදා ලග්නයයි.
උදා ලග්නය
යම් මොහොතකදී නැගෙනහිර ක්ෂිතිජයේ ඇති රාශිය උදා ලග්නය වේ. ඒ මොහොතේ එම රාශිය තුළ ගමන් කර ඇති අංශක ගණන (අයනාංශකය/longitude)  ලග්න ස්ඵුටය වේ.

ස්ඵුටය : වේදීය ‍ජ්‍යොතිශ්‍යයේදී පෘතිවියට සාපේක්ෂව යම් වස්තුවක පිහිටීම අංශක කලා විකලා ආදියෙන් මනිනු ලැබූවිට එම අගය ගැන විශේෂයෙන් සදහන් කරන විට යොදාගන්නා පදයකි.
ජන්ම ලග්නය
යම් මොහොතක සදුගේ පිහිටීම මත ලබාගන්නා ලක්ෂය ජන්ම ලග්නය ලෙස හදුන්වයි.

  • මෙසේ අවශ්‍යතාවය පරිදි කිසියම් පිහිටීමකට (ලක්ෂයකට/ ස්ඵුටයකට) සාපේක්ෂව අනෙක් ග්‍රහයන් හා වෙනත් ඕනෑම ලක්ෂයක පිහිටීම මනිනු ලබන විටක එම (මුලින් කී) ලක්ෂය ලග්නයක් ලෙස ඒ අවස්ථාවේදී භාවිතා වේ.

No comments:

Post a Comment