අපට හොඳ සුද්දට නරක ජනේරුව

උදා වූ නව වසර ලොවපුරා සියල්ලෝ සතුටින් සැමරූහ. ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපි ද එය සතුටෙන් සැමරුවෙමු. එහෙත් ලාංකිකයන් වූ අපට ජනවාරිය නව ඇරඹුමක් ලෙස පිළිගත හැකි ද? කි‍්‍රස්තු වර්ෂ කැලන්ඩරය වූ කලී බටහිර ජාතීන්  විසින් බලහත්කාරයෙන් සිංහලයාගේ කරමතට පැටවූවකි. ‘කිතු වස’ නැතහොත් ‘ක‍්‍රිස්තු වර්ෂ’ යනුවෙන් හඳුන්වනුයේ ක‍්‍රිස්තියානින්ගේ ශාස්තෘවරයා වූ ජේසුස් වහන්සේගේ මරණය මුල්කොටගෙන සැකසුණු කැලන්ඩරයයි.


අපට පිළිගත් ක‍්‍රමවේදයක් මත සැකසුණු කැලැන්ඩරයක් හා හෝරා ශ‍්‍රාස්ත‍්‍රයක් පැවැතුණි. එය සකස් වී පැවැතුණේ ඉර හඳ මුල් කරගෙනය. සූර්ය සිද්ධාන්තය ලෙස හැඳින්වූයේ ද මෙයයි.

සූර්යයා එක් එක් රාශියෙන් රාශිය පසුකර පෘථිවිය වටා වටයක් සම්පූර්ණ කිරීම වසරක් ලෙස සලකනු ලබන අතර බක් මසින් ඇරැුඹී වෙසක් පොසොන් ලෙස ඉදිරියට ගොස් මැදින් මසින් වසර නිමා විය. චන්ද්‍ර ගමන මුල් කරගනිමින් මාස ක‍්‍රමය බිහි වූ අතර එය ‘චන්ද්‍ර මාස’ ලෙස හැඳින්විණි.  චන්ද්‍ර මාසයකට දින විසි නවයකි. මේ සියල්ල විශ්ව නියමය මත ගොඩනැඟුණු ක‍්‍රමවේදයකි.

සඳු මුල් කර ගෙන පරිසරයේ ඍතු හටගැනීම හා ගැහැනියක් තුළ සිදුවන ඔසප් චක‍්‍රය ක‍්‍රියාත්මක වීම උදෙසා එක සමාන ලෙස චන්ද්‍රයාගේ බලපෑම ක‍්‍රියාත්මක වන බව මුතුන්මිත්තෝ අවබෝධ කරගත්හ. ගැහැනියක් තුළ සිදුවන මේ අලූත් වීම හා සමානවම චන්ද්‍රයාගේ ගමන මත ගොඩනැඟුණු මාස ක‍්‍රමය මෙන්ම අපට පැය ක‍්‍රමයක් ද පැවැතුණි. එය පැය හැටේ ක‍්‍රමයයි. වර්තමානයේ දවසකට පැය විසි හතරක් වුවත් සිංහල ක‍්‍රමයේ දී දවසකට පැය හැටක් පැවැතුණි. එනම් සිංහල පැයකට විනාඩි විසිහතරක් පැවැතීමයි. මේ සියල්ලටම පදනම වූයේ  ස්වභාව ධර්මයයි. පෘථිවියේ පිහිටීමේ ඇලයත් සිංහල පැයත් අතර යම් සබඳතාවක් පැවැතිය හැකි බවට පවතින මතයේ සත්‍යතාවක් ද පැවැතිය හැකිය.

සොබාදහම මත ගොඩනැඟුණු ක‍්‍රමවේද වෙනුවට කොළයක දින, අවුරුදු මුද්‍රණය කළ අතරමැදින් ඇරැුඹෙන කැලැන්ඩරයකින් පවා අප සතු ඥානය වසා දැමීමට බටහිර ජාතීහු උත්සහ කළහ. ජනවාරි මාසය සිංහල ක‍්‍රමයට අනුව දසවැනි මාසයයි. පැරැුණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ අංකවල ශක්තියක් ඇත්තේ 1-9 දක්වා පමණි. දහය (10* හි බිංදුව පැවැතීම හේතුවෙන් ‘0’ හරහා ශුන්‍ය
බව පෙන්වන බැවින් දහයේ අගය එකක්  බවට පත්වන බව මුතුන්මිත්තෝ විශ්වාස කළහ. සිංහල ක‍්‍රමයට අනුව දහවැනි මාසය වන දුරුතු මාසය ඉංග‍්‍රීසි ක‍්‍රමයෙන් ජනවාරිය නව වැඩ ඇරැුඹීම උදෙසා සුබ වසරක් ලෙස පිළි නොගැනීමට හේතුව වන්නේද මෙයයි. 1 ට 0 එක්වී 10 නිර්මාණය වුව ද මෙහි ගැඹුරු අර්ථයක් පවතී. අංක ‘1’ තුළින් විශ්ව නිර්මාණයේ ආරම්භක බලය පෙන්වනු ලබයි.‘0’ තුළින් අනන්තය නැතහොත් සදාකාලිකත්වය පෙන්වාදෙයි. ඒ අනුව ‘10’ අගය තුළින් පෙන්වා දෙන්නේ සදාකාලික වූ විශ්වීය බලය යන සංකල්පයයි. අලූත් වැඩ කටයුතු අරැුඹීමට වඩා පැරැුන්නෝ දුරුතු මාසය තම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමට සුදුසුම මාසයක් ලෙස සැලකූහ. අලූත් වැඩ ඇරැු ඹීමට ජනවාරිය සුබ නැත යන මතය ඇති වන්නේ එබැවිනි. එහෙත් මෙහි ප‍්‍රබල සත්‍යතාවක් නැත්තේ යැයි සිතිය හැකිය. එයට හේතු වනුයේ අලූතින් අරඹන වැඩකට විශ්ව නිර්මාණ බලය සහ සදාකාලිකත්වය එක් වූ විට එය දිගු කලක් රඳා පවතින කාර්යයක් බවට පත්වෙයි. ජනවාරි අශුභ වන්නේ පැරැුණි චින්තනය තුළ නොව නව  ආර්ථික රටාව තුළ ගොඩ නැගෙන චින්තනය තුළය. එයට හේතු වනුයේ නත්තල, අවුරුදු උදාව යන වෙළෙඳ හා සැණකෙළි සමය දෙසැම්බර් අවසානයත් සමඟ නිමාවීමත් සමඟම මාස හතරක වෙළෙඳ රික්තකයක්
සමාජය තුළ ගොඩනැඟීමයි. යළි වෙළෙඳාම උදෙසා සුදුසු කාලය වන්නේ අපේ‍්‍රල් මාසයි. එබැවින් ජනවාරි මාසයේ නව ව්‍යාපාරයක් වැනි දෙයක් ඇරැුඹුවහොත් එය  පවත්වාගෙන යෑමට දැඩි බාධාවක් මතුවෙයි. එය අලෙවි කරගැනීම පිළිබඳ ගැටලූවකි. වෙළෙඳාම පදනම කරගත් බටහිර
ජාතීහු අපට හුරු කළ රටාවක් තුළ අපේ දේ අමතක කළ අපි ඔවුනගේ නියමයන් මතම අදටත් ක‍්‍රියාත්මක වෙමින් සිටිති. ස්වභාව ධර්මය ජීවිතය කරගත්, ස්වභාව ධර්මයේ නියමයන් මතින් ගොඩනැඟුණු රටාවන්ට හුරු වූ ලාංකිකයාට ජනවාරිය අසුබ මාසයක් නොවනු ඇත. එහෙත් වෙළෙඳ රටාවට හුරු වූ කිතු වසට නම් එය අශුභ වනු ඇත. ඒ ලාභය අඩුවීමයි.

වෛදික ජ්‍යොතිෂවේදී
මනමේන්ද්‍ර