පාලකයන්ට අමාරු වෙන පෙබරවාරියේ කුජ මාරුව

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වසන්නේ යැයි පැරැුණි කියමනක් ඇත. ඒ එක අත්තේ වැසීම හරහාම සුබදායී තත්ත්වයන් උදාවීමද අසුබදායී තත්ත්වයන් නිර්මාණය වීමද සිදුවෙයි. මෙම එක අත්තේ එකට එකතුවීම යන ආප්තෝපදේශය තුළින් පැරැුන්නෝ වැඩි වශයෙන්ම පැවසුවේ සුබදායී පුද්ගල එකතුවකට වඩා සමාජයට ගැටලූවක් වන ආකාරයේ පුද්ගලයන්ගේ එකතුවීම් පිළිබඳය. ජ්‍යොතිෂ්‍ය තුළද එක ජාතියේ ග‍්‍රහයන්ගේ එකතුවීම් පිළිබඳ කතා කරයි. පාප ග‍්‍රහයෝ එකට එක්වීමෙන් පාප නැතහොත් දුර්යෝග උදාවීමද සුබ යැයි සම්මත ග‍්‍රහයන් එකට එක්වීම හරහා සුබ යෝග නැතහොත් විවිධාකාරයේ විශේෂිත යෝග (රාජ යෝග ආදී...) උදාවීමද සිදුවෙයි.


ග‍්‍රහ සංයෝගයක් නැතහොත් ග‍්‍රහයන් කිහිපදෙනෙකු එකට එක්වී එකම භාවයක් තුළ ටික කලක් එකට සිටීම හරහා සිදුවනුයේ එකිනෙකාගේ ගති ලක්ෂණයන් එකිනෙකා මාරුකර ගනිමින් ඒ ආකාරයෙන් පෙනී සිටීමට උත්සහ දැරීමයි. එහිදී සංයෝග වනුයේ පාපී ග‍්‍රහයන් නම් එකිනෙකාගේ ගුණයන් මාරුකර ගනු ලබන අතර පාප ග‍්‍රහයෙකු සමග සුබ ග‍්‍රහයෙකු සිටි විට පාපියාගේ ගති සුබයා මතට බලෙන් ඇතුළු කරනු ලබයි. එහෙත් අසුබයා සුබයාගේ ගති ලක්ෂණ ආරෝපණය කර ගනු ලබන්නේ නැත. මෙය මිනිස් සමාජයෙන් උදාහරණයක් ගෙන පැහැදිලි කර ගැනීමට උත්සහ දරමු. නරකට ඇබ්බැහි වූ කිහිපදෙනෙකු එකට එක්වූ විට ඔවුන් අතර සිදුවනුයේ ඔවුනගේ ගති ලක්ෂණ වන මැරකම, හොරකම, දූෂණය ආදී හැමදෙයක්ම වර්ධනය වීමයි. මේ පිරිස ඇසුරට යහපත් අයෙකු වැටුණොත් ඔහුට සිදුවන්නේද නරකට නොදැනුවත්ව හෝ යොමුවන්නටය. ග‍්‍රහයන්ගේ ස්වභාවයද එයයි.

අප හොඳ, නරක ග‍්‍රහ සංයෝග පිළිබඳ කතා කරන්නට හේතුවන ප‍්‍රධාන පරිසරයක් ඉදිරි සතිය තුළ නිර්මාණය වීම සිදුවෙයි. එනම් ඒ අප රටට ඩොමිනියන් නිදහස හිමිවීම සමරන පෙබරවාරි 4 වැනිදාය.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ පාලක පක්ෂය නියෝජනය කරන කුජ, කුම්භ ලග්නයේ බාධක ස්ථානය ලෙසින් සැලකෙන තුලා රාශිය තුළට පෙබරවාරි 4 වැනිදා පිවිසෙයි. තුලා රාශියේ මේ මොහොත තුළ ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රධානම පාපීන් දෙදෙනා වන රාහු හා ශනි තැන්පත්ව සිටියි. එනම් කුජ මැදිවන්නේ පාප සංයෝගයකටය. රාජයෝග මෙන්ම විපරීත රාජ යෝගයන්ද මෙම අවස්ථාවේ නිර්මාණය වීම සිදුවෙයි. එහෙත් මෙහිදී ශනි එක් පසෙකින් දොළොස් වැන්නාධිපතිගේ භූමිකාව රඟ දැක්වීමත් අනෙක් පසින් කුජ තුන්වැන්නාධිපතිගේ භූමිකාව රඟ දැක්වීමත් තුළ සුබ යෝග සියල්ලම පාප යෝග බවට පත්වෙයි. සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත තුළ ග‍්‍රහ සංයෝග වීම් හරහා රාජයෝග හා විපරීත රාජයෝග බිහිවූ විට ඒවායේ පාප ස්වභාවය බිඳවැටෙන බව සඳහන්ව තිබුණද ප‍්‍රායෝගිකත්වය තුළදී එය එසේ නොවන බව පෙනී යයි. කුජ නෛසර්ගිකවම පාපියෙකු වීම තුළ මේ තත්ත්වය වර්ධනය වීමක් සිදුවෙයි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ පාලක පක්ෂය නිවේදනය කරනු ලබන භාවය වන දසවැන්නේ අධිපතියා තුලාවට පිවිසීම යනු අදාළ භාවයෙන් දොළොස් වැන්නට පිවිසීමයි.  ඕනෑම භාවයකින් දොළොස් වැන්නට එහි අධිපතියා පිවිසීම තුළදී සිදුවන්නේ අදාළ භාවය තුළට හානිය, පීඩාව ගෙන ඒමයි.

එසේ නම් පාලක පක්‍ෂයට එතරම් සුබදායී කාලසීමාවක් නොවන බව අපගේ මතයයි. ඉදිරි මාස දෙකක කාලය තුළ පාලක පක්‍ෂයට අයත් පිරිස් තම මැතිවරණ ව්‍යාපාරය තුළ පාප ග‍්‍රහයන්ගේ එකමුතුවක් ලෙසින් ක‍්‍රියාකරන ආකාරයක් දැකගැනීමට සමාජයට අවස්ථාව උදාවෙයි. එනම් ජයග‍්‍රහණය උදෙසා නිල බලය, මැර බලය මෙන්ම සේවක බලයන්ද යොදාගන්නා ආකාරයක් දැකගත හැකිවෙයි.

මන්ත‍්‍රී සංඛ්‍යාව හෝ පළාත් සභා ජයග‍්‍රහණයන් සම්බන්ධයෙන් එය සුදුසු වුවත් පාලක පක්ෂය කෙරෙහි ජනතාව තුළ ඇතිවන යහපත් චිත‍්‍රය සම්බන්ධයෙන් නම් එය සුබදායී නැත. එයට හේතුවනුයේ ජනතාව නියෝජනය කරන ශනි මෙම සංයෝගය තුළම සිටීම හා ශනි සමාජ ධර්මතා නැතහොත් විනය ශික්ෂණය ආදී තත්ත්වයන් දැඩි ලෙස රැුකීම බලාපොරොත්තු වන තත්ත්වයක් තුළ ඒවා බිඳවැටීමට ඉඩ සැලසීමයි. එහිදී ඇතිවන පීඩාව හරහා නිර්මාණය වන අකැමැත්ත දිශාගත වීම සිදුවනුයේ සමස්ත පාලනය දෙසටය.

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ පාලක පක්ෂය නියෝජනය කරන කුජ ලංකා කේන්දරයේ අටවැනි භාවය තුළ තැන්පත් වීම හරහා විවිධාකාරයේ අවමාන අපහාසයන් රැුසක්ම පාලක පක්ෂය දෙසට යොමුවිය. අගමැතිට එරෙහිව එල්ල වූ කුඩු කන්ටේනර් සම්බන්ධ ප‍්‍රශ්නය සමස්ත පාලක පක්ෂයටම වූ අවමානයකි. එසේම හලාල් ප‍්‍රශ්නය මුල්කර ගනිමින් රජයට අපකීර්තියක් නිර්මාණය විය. එමෙන්ම ආගමික අන්තවාදය පාලක පක්ෂය විසින්ම නිර්මාණය කරන්නක් බවට චෝදනා එල්ල වීමත් ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යා ලේඛන වෙනස් කිරීම, නිළියන් ඡුන්දයට වැඩි වශයෙන් ඉදිරිපත් කිරීම ආණ්ඩුව දෙසට චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොත කිසිසේත්ම සුබවාදී තත්ත්වයක් නොවෙයි.

පාලක පක්ෂය තුළම නීතිය රකින්නන් සහ අවනීතිය අතට ගෙන කටයුතු කරන්නන් අතර යම් ආකාරයේ හැලහැප්පීම් නිර්මාණය වීමක්ද මේ තුළ සිදුවෙයි. මෙය පාලක පක්ෂය කෙරෙහි ඇති විශ්වාසය සැබෑවටම පළුදු වීමකි. අප පෙර ලිපියේදී පෙන්වා දුන් ආකාරයට ධර්ම ත‍්‍රිකෝණයේ ක‍්‍රියාකාරීත්වයට කුජගේ පැමිණීම හරහා ඇති කරනුයේ බලවත් පීඩාවකි. එනම් සුබවාදී තත්ත්වයන් සමාජය වෙත ළඟා වීම වෙනුවට පීඩනය සමාජගත වීමයි. එනම් විශ්වයෙන් එන යහපත් තත්ත්වයන්ට දොරගුළු වැසී යාමයි.

මෙම ග‍්‍රහ මාරුව හරහා රටේ නායකත්වය කෙරෙහි ඇතිකරන පීඩාවද ඉහළය. එයට හේතුවන්නේ රවි ගෝචරයෙන් තත්කාල ලංකා කේන්දරයේ දොළොස් වැන්නට පැමිණිවිට මරණකාරක භාවයකට පත්වීමයි. එහෙත් මෙහිදී මරණකාරක භාවයේ අසුබ තත්ත්වය පාලනය කරගත හැකි ශාන්තිකර්ම මෙන්ම ප‍්‍රතිකර්ම (රෙමඩි)ද පවතී. දොළොස් වැනි භාවය විදේශ සබඳතා පාලනය කරන බැවින් ඒ කාලය තුළ ජන්මියා විදේශ සංචාරවල යෙදීම විදේශ නියෝජිතයන් රට තුළට පැමිණෙන්නේ නම් එහි අසුබ ප‍්‍රතිඵල දුරු වී යයි. මේ තත්ත්වයන් දෙකම අපි පසුගියදා දුටුවෙමු. එසේ නම් රජුට එල්ල වන මරණකාරක භාවයේ අසුබ ඵල බොහෝ දුරකට අඩුවී තිබිය යුතුය. එහෙත් මානසිකව ඇතිවන පීඩාව නම් අඩුකර ගැනීම එතරම් පහසු කටයුත්තක් ලෙසින් දක්වාලිය නොහැකිය. කෙසේ වෙතත් පෙබරවාරි මැද දක්වා ගතවන කාලය රජු බොහෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කළද ඉන්පසු තරමක ආවේගශීලීව තම පාලක පක්ෂය සමග කටයුතු කරන ආකාරයක් දැකගත හැකි වෙයි. එයට හේතුවන්නේ රවි කුම්භයට පිවිසීමයි. රවි කුම්භයට සුබයෙක් වුවත් යම් ගුරු කුලයන්හි රවි කුම්භයට මාරක යැයිද පවසයි. එසේ වුවහොත් පෙබරවාරි, මාර්තු කාලය තරමක් ලංකා දේශපාලනය තුළ කැළඹිලිකාරී වාතාවරණයක් නිර්මාණය වීම සිදුවෙයි.

මෙහිදී උපග‍්‍රහයෙකු වන ගුලිකගේ තැන්පත් භාවය මත රටේ රජුගේ සිට සියලූ දේශපාලකයන් ඉතා වගකීමෙන් යුතුව රට පාලනය කළ යුතු කාලසීමාවක් උදාවී ඇති බව පෙනී යයි. මෙහිදී වඩාත් පරෙස්සම් විය යුත්තේ තම ආවේග, කේන්තිය හා අන් අය පිළිබඳ ගරුත්වයකින් තොරව සිදුකෙරෙන ප‍්‍රකාශ සම්බන්ධයෙනි. මෙය ජාත්‍යන්තර ප‍්‍රශ්න වර්ධනය වීමට හේතු කාරණා නිර්මාණය කිරීමට පසුබිම සකසනු ඇත.

රාහුගෙන් නිවේදනය වන්නේ හොරුන්, කපටියන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්, ගණිකාවන් ආදී සමාජ අසම්මතය තුළින් මුදල් උපයන්නන්ය. කුජගෙන් පාලක පක්ෂයත් ශනිගෙන් ජනතාවත් නිවේදනය වෙයි. මෙහිදී ඉතා ගැඹුරු කාරණයක් හෙළිකර ගත හැකිවෙයි.

පසුගිය කාලයේ සමාජ කථිකාවක් බවට පත්වූ කාරණයක් වූයේ නුසුදුසු පුද්ගලයන්ට නාමයෝජනා ලබා නොදිය යුතුය යන්නය. සෑම පක්ෂයක්ම එය ප‍්‍රසිද්ධියේ පිළිගත්තද වර්තමාන ග‍්‍රහචාරයට අනුව එය යථාර්ථයක් බවට පත්නොවනු ඇත. නව වැනි භාවය උරුමය හා නායකත්වය ගැන කතාකරන භාවය වන බැවින් ඒ තුළ ඇත්තේ අප පෙර සඳහන් කළ අපූර්ව සංකලනයයි. ජනතාව නැතහොත් ඡුන්ද දායකයා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වැඩිම මනාප ලෙසින්
තෝරාගන්නේ රාහුගේ ගති හොඳින්ම තමන් තුළ ක‍්‍රියාවට නගන අපේක්ෂකයන්වය. එනම් මෙහිදී සරලව කියන්නට ඇත්තේ පක්ෂවල තේරීම් මණ්ඩලයක් හරහා මේ මොහොත තුළ තේරෙන බොහෝ අය සුදුස්සෝමද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවීමය.

එජාපයද පවතින ග‍්‍රහචාරය තුළ ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුවෙයි. එයට හේතුවනුයේ මේ මොහොත තුළ විපක්ෂය නියෝජනය කරන සිකුරු තත්කාල ලංකා කේන්දරයේ ස්ථානගත වීම් අනුව එහි අභ්‍යන්තරයේ සිටින යම් පිරිස් දෙන තීරණාත්මක උපදෙස් හරහා පක්ෂය තව තවත් පහත වැටීමේ අවධානමක් පැවතීමයි. එනම් පක්ෂයෙන් හෝ රජයෙන් ලාභ හා වරප‍්‍රසාද බලාපොරොත්තුවෙන් ක‍්‍රියාකරන අවස්ථාවාදීන්ගෙන් බේරී කටයුතු කිරීමේ අවශ්‍යතාවයි.
රටක් ලෙසින් රටේ දරුවන් වෙනුවෙන් යහපත් තීරණ රැුසකට රජයට එළැඹීමට සිදුවන ආකාරයක් ඉදිරි කාලය තුළ දැකගත හැකිවෙයි. පසුගිය කාලය තුළ දරුවන්ට සිදුවූ දරුණු අනතුරුවල අඩුවීමක් සිදුවන අතර එය සුබදායී තත්ත්වයකි.

අවසානයේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු සමයක් උදාවී ඇතැයිද පැවසිය යුතුවේ. එයට හේතුවන්නේ මේ මොහොත නිර්මාණය වන්නේ පෙර පිං නැතහොත් නවවැනි භාවය වසා දැමූ ග‍්‍රහ පිහිටීමක් තුළ වීම නිසාවෙනි. රාහු විසින් බුද්ධිය ග‍්‍රහණය කරගෙන ඇති පරිසරයකය. එබැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් කරුණකි.


මාරුවකුජ මාරුවඔබේ ලග්නයට කොහොමද?....

මේෂ
විවාහ දිවියට බාධා

මේෂ ලග්න හිමියාගේ හත්වැන්න වන තුලාවට කුජ පිවිසීමත් එහි ශනි හා රාහු සිටීමත් තුළ තම විවාහ දිවිය තුළ බොහෝ හැලහැප්පිලි ඇතිකරනු ලබයි. අඹුසැමි දුරස්වීම් මෙන්ම අඬදබරද වර්ධනය වෙයි. අසම්මත සබඳතාවලට යොමුවෙයි. යටිබඩ ආශ‍්‍රිත පීඩා වර්ධනය වෙයි.

වෘෂභ
අඬදබර සමථයට

වෘෂභ ලග්න හිමියාගේ හයවැනි භාවය හෙවත් සතුරන් පිළිබඳ කතාකරන භාවයට කුජ පැමිණීම හරහා ඔබට විරුද්ධව තිබූ බොහෝ සතුරුකම් නිමාවට පත්වීම සිදුවෙයි. සේවකයන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලැබෙන කාලයකි. කෙසේ වෙතත් වකුගඩු ආශ‍්‍රිත පීඩා වර්ධනය වීමේ ඉඩකඩ ඇත.

මිථුන
අමාශගත රෝග

මිථුන ලග්න හිමියාගේ පස්වැනි භාවය තුළට පිවිසෙන කුජ තම හැකියාවන් තුළින් නව ආදායම් මාර්ග ගොඩනගා ගැනීම උදෙසා මෙහෙයවනු ලැබූවද එයට එරෙහිව සතුරුකම් හා බාධා ක‍්‍රියාත්මක වීමක් සිදුවෙයි. එහිදී තම ආවේග මතින් එම කටයුතු බිඳවැටෙයි. ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රෝගී ගති වර්ධනය වෙයි.

කටක
නිවසේ අසමගිය

කටක ලග්න හිමියාගේ නිවස නැතහොත් සිත පාලනය කරන භාවය වන හතරවැන්න තුළට කුජ පිවිසීමත් සමගම නිවස තුළ අයහපත් වාතාවරණයක් නිර්මාණය වන අතර පවුලේ අය දුරස්වීම සිදුවෙයි. සිතේ සතුට, සහනය බිඳවැටෙයි. හෘද රෝගී ගති වර්ධනය වීම සිදුවෙයි. විවාහය තුළ ගැටලූ මතුවෙයි.

සිංහ
නව රැුකියා අවස්ථා

සිංහ ලග්න හිමියාගේ තුන්වැනි භාවයට පිවිසෙන කුජ තම දියුණුව වර්ධනය උදෙසා නව ව්‍යාපාරයක් හෝ නව
රැුකියාවක් ඇරඹීමට අවස්ථාව උදාකර දෙයි. බාධක ග‍්‍රහයාද වන කුජ විසින් නිර්මාණය කරන අවස්ථාවලදී ඉතා හොඳින් කල්පනා කර තීරණයන්ට එළැඹීම ඉතා වැදගත්ය.

කන්‍යා
අයථා පෙම් සබඳතා

කන්‍යා ලග්න හිමියාගේ කුටුම්බ ස්ථානයට කුජ එතරම් සුබදායී තත්ත්වයක් නොවෙයි. එයට හේතුවන්නේ කුජ විසින් හා මේ මොහොත තුළ එහි සිටින රාහු හා ශනි විසින් පවුල තුළ දෙදරා යෑම් නිර්මාණය කිරීමයි. එසේම කුජ විසින් ජන්මියාව කාමය මුල්කර ගත් අසම්මත සබඳතා කරා යොමුකරවනු ලබයි.

තුලා
මුදල් ලාභ

තුලා ලග්න හිමියාගේ පළමු භාවයටම පිවිසෙන කුජ ජන්මියාව ජයග‍්‍රහණ කරා ගෙනයනු ලබයි. නව හැඟීම් සිතිවිලි මෙන්ම නව කි‍්‍රයාකාරිත්වයන් උදෙසාද ජන්මියාව මෙහෙයවනු ලබයි. ශනි හා රාහු තුලාවට මිතුරු වීම තුළ මේ තත්ත්වය වර්ධනය වෙයි. උෂ්ණාධික තත්ත්වයන් ඇතිවෙයි. මුදල් ලාභ හිමිවෙයි.


වෘශ්චික
යුග දිවියට බාධා

වෘශ්චික ලග්න හිමියාගේ දොළොස්වැනි භාවයට කුජ පිවිසීමත් සමගම විවාහකයන්ට නම් තරමක නරක කාලයක් උදාවීම සිදුවෙයි. හිත් බිඳවැටීම්, දුරස්වීම් සිදුවෙයි. විවාහය තුළ කල්පනාකාරීව කටයුතු කරන්න. දෙපා සම්බන්ධ උෂ්ණාධික රෝගී ගති වර්ධනය වීම සිදුවෙයි.

ධනු
නව ආදායම් මාර්ග

ධනු ලග්න හිමියාගේ ආදායම් ලාභයන් පාලනය කරන එකොළොස් වැනි භාවයට කුජ පිවිසීම තුළ තම හැකියාවන් හරහා ආදායම් උපයා ගැනීමට අවස්ථා විවර කර දෙයි. එහෙත් වියදම් පසද ඒ හා සමගාමීව වර්ධනය වන බැවින් කල්පනාකාරීව මුදල් පරිහරණය සිදුකරන්න. සහෝදරයන් සමග ගැටලූ මතුවිය හැකිය.

මකර
රැකියාවේ ස්ථාන මාරු

මකර ලග්න හිමියාගේ කර්මස්ථානයට කුජ පැමිණීමත් සමග රැුකියාව තුළ තරමක ආවේගශීලී ස්වභාවයකින් කටයුතු කිරීමට කරුණු නිර්මාණය වීම සිදුවෙයි. ඉක්මන් තීරණ හේතුවෙන් ගැටලූ නිර්මාණය කරගනු ලබයි. රැුකියා බිඳවැටීම හෝ රැුකියා මාරුවීමටද අවස්ථාව ඇත.

කුම්භ
උරුම පිළිබඳ ගැටලූ

කුම්භ ලග්න හිමියාගේ පුණ්‍යස්ථානයට කුජ පිවිසීම යහපත් තත්ත්වයන් උදාවන්නක් නොවේ. රාහු මරණකාරකව සිටින මොහොතක කුජත් එම ස්ථානයටම පැමිණීම හරහා දැඩි ලෙස හිත් පීඩා නිර්මාණය වීම සිදුවෙයි. තම පියාට තරමක රෝගී ගති වර්ධනය වන අතර උරුම හිමිකම් තුළ ගැටලූ නිර්මාණය වෙයි.

මීන
තීරණ ගැනීමේදී ප‍්‍රවේශමෙන්

මීන ලග්න හිමියාගේ අටවැනි භාවයට කුජ පිවිසීමත් සමග හදිසි අනතුරු මෙන්ම ලේ කෝපවීම්ද ඇතිවෙයි. දුරදිග නොබලා ගන්නා තීරණ හේතුවෙන් අවමාන, අපහාස විඳීමට සිදුවෙයි. පවුල තුළ සබඳතා දෙදරා යෑම සිදුවෙයි. විවාහය තුළ තම කලත‍්‍රයාට නරක කාලයක් උදාවී ඇත.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර