බිබිල සුසානය පාළු කළ ගස් කොල්ලයට වගකියන්නේ කවුද?

බුදුදහම පසුබිම් කරගනිමින් ගොඩනැගෙන ලාංකේය ජන විඥානයේ අල්පේච්ඡුතාව මතින් ගොඩනැගුණු භූමි උරුමයක් පිළිබඳ අපූර්ව කතාන්දරයක් ඇත. ඒ ජීවිතයේ අවසානයේ කාටත් හිමිවන හතර රියනේ අයිතියයි. සල්ලිකාරයා, බලවතා හෝ දුප්පතා යන බෙදීම් වලංගු නොවන හතර රියනේ අයිතියද තම තත්ත්වය පෙන්වන්නට යොදාගන්නා යුගයන්ද නොතිබුණාම නොවේ. ගමේ මුලාදෑණිවරු මෙන්ම රදළ වලව්කරුවන්ගේ හතර රියන වෙන්වූයේ වලව්වේම ඉඩම්වලිනි. එහෙත් ගමේ දුප්පතාට හිමිවූයේ කැලෑ බදව වූ සොහොන් පිට්ටනියයි.

මුල්කාලීන සමාජ යුගවලදී භූමදාන සම්ප‍්‍රදායයන් පිළිබඳ විවිධාකාරයේ මති මතාන්තරයන් ඇතත් ලංකා ඈත ඉතිහාසයේ සිටම භූමදානය කිරීමේ චාරිත‍්‍රයන් පැවති බවට තොරතුරු හෙළිවෙමින් පවතී. සෑම ගමක් තුළම සොහොන් පිටියක් උදෙසා ඉඩකඩ වෙන්වන්නේ මැරෙන මිනිසාට නිදහසේ සැතපී සිටින්නටය. තම මුතුන් මිත්තන්ට හදවතින් ආදරය කළ අපේ පැරැුන්නෝ සොහොන් භූමියේ සෙවණට ගහක් සිටවන්නටත් අලංකාරයට මල් පැළයක් සිටුවන්නටත් අමතක කළේ නැත. සොහොනේ මල් බුදු පුදට යොදා නොගත්තාට එහි සැතපෙන්නන්ගේ හිතසුව වෙනුවෙන් ඒවා වැවුණි.
ගමේ සොහොන් බිම් පරිපාලනයේ අයිතියට පත්වීමත් සමගම ඒ වටා තාප්ප බැඳ ගේට්ටු දමා එය තවත් පෞද්ගලික ඉඩමක ස්වභාවයට පත් කෙරුණි. අවසානයේ අද වනවිට හතර රියනටද මිලක් නියමවී ඇත. කට වචනයට කී ‘උන්නත් දාහයි මළත් දාහයි’ යන්න අද යථාර්ථයක් වී ඇත. ගමේ සොහොන් පිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදු සුසානය බවට පත්වීමෙන් පසුව එය එක් පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපළක් බවට පත්වීමේ අපූර්ව තොරතුරක් ‘රන්දිව’ට ලැබුණි. හතර රියනේ සැතපෙන්නන්ගේ අයිතිය අහිමි කිරීම ගැන කතාකරන්නට සිදුවන්නේ මේ ඔස්සේය.
බිබිල පොදු සුසාන භූමියේ අයිතිය ඇත්තේ බිබිල ප‍්‍රාදේශීය සභාවටය. ඌව පළාතට අයත් බිබිල පොදු සුසාන භූමියේ සැතපී සිටින බහුතරය මේ මහ පොළව වෙනුවෙන් ඩාදිය මෙන්ම රුධිරය හෙළුෑ අතීත මුතුන් මිත්තන්ය. ඒයට හේතුව මෙම සොහොන් බිම වසර සිය ගණනකටත් වඩා පැරැුණි වීමය. වත්මන් දේශපාලකයාට භූමිය, උරුමය හෝ සොබාදහමෙන් ඵලක් නැති බව පෙන්වමින් බිබිල පොදු සොහොන් භූමියේ වසර සිය ගණනක් තිස්සේ සෙවණ දුන් මහ වෘක්ෂයන් ටික නිල බලයෙන් කපා ගෙන ගොස් ඇත. මෙම කතාවේ සැඟවුණු අපූරු කතාංගයක්ද තිබේ.
කතාව ඇරඹෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිබිල ප‍්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණීමේ උණුසුමත් සමගය. ජනපති බිබිලට පැමිණීමෙන් පසු ජනතාව ඇමතීම උදෙසා වේදිකාවක අවශ්‍යතාව පිළිබඳ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේදී ප‍්‍රශ්නයක් මතුවිය. වත්මන් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන ආකාරයට එහිදී වනජීවී සංරක්ෂණ ඇමැති විජිත් විජයමුණි සොයිසා, මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ හා බිබිල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ එකඟත්වය මත ප‍්‍රාදේශීය සභාවට අයත් සුසාන භූමියේ ඇති ගස් කිහිපයක් කපා ලී ලබා ගැනීමට යෝජනා විය. ඒ සියල්ල නීත්‍යනුකූල බව සැබෑය. එහෙත් නීතියෙන් පිට දෑ සිදුවන්නේ ඉන් අනතුරුවය. කුඩා වේදිකාවක් ගසන්නට පොදු සුසාන භූමියෙන් හා ඉන් පිටතින් කපා ඇති පැරැුණි මෙන්ම අති දැවැන්ත ගස් ප‍්‍රමාණය දාහතකි. ඉන් ලබාගත් හෝ ලබාගත හැකි ලී ප‍්‍රමාණය පිළිබඳ කිසිදු සටහනක් මේ දක්වා ඉදිරිපත් වූයේද නැත.
විදුලි කියතට හසුව ඇද වැටුණු කොස් ගසක වට ප‍්‍රමාණය අඩි දහයකටත් වඩා වැඩිය. සූරියමාර, නැදුන්, තේක්ක ආදී වැඩි වටිනාකම්වලින් යුතු ගස් 17ක් බිම හෙළීමට ප‍්‍රාදේශීය සභාවේ සේවකයන්ට සිදුවූයේ ඉහළින් එන නියෝග පිළිපැදිය යුතු නිසාය. කපා බිම හෙළුෑ ගස් කුට්ටි කර සැතපුමක් පමණ ඈතින් ඇති ලී මෝලට ගෙනගියේද ප‍්‍රාදේශීය සභාවට අයත් ට‍්‍රැක්ටර්වලිනි. ලී ටික ඉරන්නට ගෙනගිය ලී මෝලද ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලකයකුගේ ඥාතියකුට අයත් වූවකි. මේ සියලූ කාරණා එසේ වෙද්දී දේශපාලනයේ නිරුවත සමාජයට පෙන්වමින් ගස් කපන්නට, ප‍්‍රවාහනය කරන්නට මෙන්ම ලී ටික ඉරන්නට ලක්ෂ තුනකට ආසන්න මුදලක් ප‍්‍රාදේශීය සභාවෙන් අය කරගෙන තිබේ.
මෑතකාලීනව කෙරුණු ලංකාවේ යම් යම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවම මේ සඳහාද ඉදිරිපත් කළ යුතුය. 2011 වසරේ බුත්තල පැවති දැයට කිරුළ නිසා රටට අහිමි වූ වටිනා ගස් ප‍්‍රමාණය කියා නිමකළ නොහැකිය. එහි සංවර්ධනයේ නාමයෙන් හොර පාරේ ගිය ගස් ප‍්‍රමාණය සංවර්ධනය උදෙසා කපා දැමුණු ගස් ප‍්‍රමාණයට වඩා වැඩිය. මෙදා සිදුවූයේද එයමය. වේදිකාවකට යන ලී ප‍්‍රමාණය වෙනුවෙන් වේදිකා හතර පහක් හදන්නට හැකි ගස් ප‍්‍රමාණයක් කපා දමන්නට අවසර ලැබුණේ කෙසේද යන්න පිළිබඳ නම් අසා ඵලක් නැත. සභාපතිවරයාගේ කීමට අනුව නම් මේ සියල්ල සිදුවී ඇත්තේ වනජීවී ඇමැතිවරයාගේ, මහ ඇමැතිවරයාගේ මෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරයාගේද අනුදැනුම මතය.
හොඳම විහිළුව එය නොවේ, ජනපතිගේ පැමිණීම වෙනුවෙන් ඉදිකෙරුණු වේදිකාවට ජනපති නොපැමිණීමය. එය කලින්ම දන්වා තිබූ බවටද තොරතුරු ඇත. ජනපතිගේ නම විකුණා රට තුළ දේශපාලකයන් කරන විවිධාකාරයේ නාඩගම් පිළිබඳ අමුතුවෙන් ජනතාවට කිව යුතු නැත. මක්නිසාදයත් ජනතාව ඒවා දකින නිසාය.
අපි කතාව පටන් ගත්තැනින්ම අවසන් කරන්නෙමු. හතර රියනේ සැතපෙන අපේ මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට සතුටු වන්නට හැකි කාරණාවක් වත්මන් සභාපතිවරයා කීවේය. ගස් ටික කපා දැමුවද තමන් සුසාන භූමිය වටා වැටවල් බැඳ කණු සිටුවා ආදාහනාගාරයක් ඉදිකර අලංකාර කරන බවය. නමුත් ගැටලූව වන්නේ එය නොවේ. එවැනි කාරණාවකින් ජීවත්වන මිනිසුන්ට ඵලක් වේද යන්නය. ‘වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව’ යැයි අප කියන්නේ මෙවැනි සිද්ධිවලින් පසුතැවෙනු විනා කරන්නට වෙන දෙයක් ඉතිරිව නොමැති හෙයිනි.


වනජීවී ඇමැතිතුමාගේ අවසරය මතයි ගස්ටික කැපුවේ

ඒ.එස්.එම්. චන්ද්‍රසේකර බණ්ඩා -
සභාපති බිබිල ප‍්‍රාදේශීය සභාව


අපේ ජනාධිපතිතුමා දෙසැම්බර් 7 වැනිදා බිබිලට ආවා. ඒ මගේ ප‍්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කරන්න. අපේ අලූත් ගොඩනැගිල්ලේ තිබුණු විශාල ශාලාවේ ඌව පළාතේ මහ ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි වේදිකාවක් සකස් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා අපට අයිති සුසාන භූමියේ ගස් කැපීම සඳහා අපේ ආසන සංවිධායකතුමා වන වනජීවී ඇමැතිවරයා සම්බන්ධීකරණ රැුස්වීමේදී සියලූ නිලධාරින් ඉදිරියේ තේක්ක ගස් දෙකක් හා තව ගස් කිහිපයක් කපලා වේදිකාව හදන්න අපට අවසරය දුන්නා. ඌව පළාතේ මහ ඇමැතිවරයාගෙත් සංවිධායකවරයාගෙත් ප‍්‍රාදේශීය සභාවේ සියලූ නිලධාරින් දැනුවත්ව අපි ගස් ටික කපලා මෝලට ගෙනිහින් ලී අරගෙන ස්ථිර වේදිකාවක් හැදුවා. ගස් නවයක් විතර කැපිලා තියෙනවා. ලෑලි ගන්න පුළුවන් ගස් දෙකයි තිබුණේ. පොඩි කණුවලට තේක්ක ගස් ටිකක් කැපුවා. තව කොස් ගහකුත් තිබුණා. ඒවත් කැපුවා. ඒකෙ ලොකු දිරුමක් තිබ්බා. ඒනිසා ඒකෙන් පොඩි කෑලි ටිකක් විතරයි ගන්න පුළුවන් වුණේ. ලූණුමිදෙල්ල ගහක් තිබුණා. ඒක කපලා තොරණ හදන්න ලෑලි කැපුවා. අපි ඒදේවල් කළා. මේ වේදිකාව අපි ඉදිරියට ප‍්‍රාදේශීය සභාවේ ආදායම් මාර්ගයක් ලෙස යොදාගන්නවා. එහි චිත‍්‍රපට, වේදිකා නාට්‍ය පෙන්වන්න පුළුවන්. මඟුල් හා රැුස්වීම්වලට දෙන්න පුළුවන්.

මේ ගස් කැපීම ඒ අයගේ තීරණ මත සිදු වූවක්

ප‍්‍රගීත් කුලතිලක -
ප‍්‍රාදේශීය ලේකම් බිබිල


ප‍්‍රාදේශීය සභාවට පවරාදී ඇති ඉඩම්වල ඇති සම්පත් පරිහරණය සම්බන්ධයෙන් අපෙන් අවසර ලබා ගැනීමක් කළ යුතු නෑ. ඒක සභාවේ තීරණයන් මත කළ හැකියි. මෙම ගස් කැපීම ඒ අයගේ තීරණයන් මත වෙන දෙයක්. අනිත් කරුණ, සංවර්ධන කමිටු රැුස්වීම්වලදී ප‍්‍රදේශයේ සියලූ ප‍්‍රශ්න කතා කරනවා. ඒක පොදු තත්ත්වයක්.

මේකට සභාපතිවරයාට විරුද්ධව විනය කි‍්‍රයාමාර්ග ගන්නවා

විජිත් විජියමුණි සොයිසා -
වනජීවී සංරක්ෂණ ඇමැති
බිබිල සංවිධායක


මේක සම්පූර්ණයෙන්ම සභාපතිතුමාගේ ඉල්ලීම මත කි‍්‍රයාත්මක වූවක්. මගේ කිසිදු සම්බන්ධයක් නෑ. ජනාධිපතිවරයා පැමිණීම වෙනුවෙන් මම ලෑස්ති කරපු උත්සවය පැවැත්වුණේ සංස්කෘතික මධ්‍යස්ථානයේ. ඒ වෙනුවෙන් කිසිදු ගහක් කැපුවේ නෑ.
මේ ගස් කැපීම හා ඒ වෙනුවෙන් ප‍්‍රාදේශීය සභාවෙන් අයකරගත් අධික මුදල් සම්බන්ධයෙන් සභාපතිවරයාට විරුද්ධව මන්ත‍්‍රීවරුන්ගෙන් පැමිණිලි ලැබී තියෙනවා. මම ඒවා පක්ෂයේ විනය කමිටුව වෙත යොමු කළා. මට ඒ සම්බන්ධයෙන් කළ හැක්කේ එපමණයි. මේ සම්බන්ධයෙන් තීරණයක් ගතයුත්තේ විනය කමිටුවටයි.
මම කවදාවත් ඔය නීති විරෝධී වැඩවලට සම්බන්ධ වෙන්නෙ නෑ. එතුමා තමයි ඉල්ලීම කළේ. එතුමා තමයි කැපුවේ. එතුමා තමයි ප‍්‍රවාහනය කළේ. එතුමා තමයි ඉරුවේ. එතුමා තමයි ඒ සියලූ ඉදිකිරීම් කළේ. මෙම ගස් ලී මෝල් දෙකක ඉරලා තියෙනවා. ධර්මදාස බණ්ඩා ඇමැතිවරයාගේ ලී මෝලක ඉරලා තියෙනවා. අනිත් එක මගේ දුර ඥාතියෙක්ගේ ලී මෝලක ඉරලා තියෙනවා. මම විනය කමිටුවට මේ ගැන යොමු කරලා තියෙනවා. මම සභාපතිලත් එක්ක ගැටෙන්න යන්නෙ නෑ. මොකද මඩ ගා ගන්න ඌරොත් එක්ක ගැටෙන්න යන්නෙ නෑ.

කපපු ගස්වලට ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නෙත් නෑ

බුද්ධික සෙනෙවිරත්න -
ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍ර


පොදු සුසාන භූමියේ ගස් පහළොවක් කපලා තියෙනවා. ඊට අමතරව සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට බුරුත ගහක් කැපුවා. ඒ වගේම ප‍්‍රාදේශීය සභාවේ නිල නිවාස අසල දැවැන්ත බුරුත ගහක් කැපුවා. එතකොට ගස් 17යි බුරුත 2යි, කොස් 1යි, ලූණුමිදෙල්ල 1යි, තේක්ක 13යි ආදී ලෙසින් ගස් කැපුවා. මේවා අතිවිශාල ගස්. අනික කුට්ටි කරනකොට ඒවා බෙණ හෝ දිරලා නම් ඒවා දාලා යන්න  ඕනෙ. හැබැයි එහෙම ඒවා හොයා ගන්න නෑ.
මෙතැන තවත් විශාල ගැටලූවක් තියෙනවා. මේ ගස් ටික කපලා කුට්ටි කරන්න විතරක් රුපියල් 280000ක් වැයවෙලා තියෙනවා. සභාවේ සේවකයෝ ගස් කපන්න වැඩ කළේ. සභාවේ ට‍්‍රැක්ටර් වැඩ කළා. අනික සම්බන්ධීකරණ රැුස්වීමේදී මේක ජනපතිතුමා එන රැුස්වීමක් නිසා දැව ව්‍යාපාරිකයන්ට උදව් කරන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඒ නිසා දැව ව්‍යාපාරිකයෝ සමහර තැන්වල නොමිලේ ප‍්‍රවාහනය කරලා දුන්නා. මේ වගේ ඒ අය ගොඩක් දේවල් නොමිලේ කරලා දුන්නා. එහෙම තියෙද්දී මේ අය රුපියල් 280000ක විශාල බිලක් දාලා සභා මුදලින් අය කරගෙන තියෙනවා.  ඕවා තමයි ප‍්‍රධානම ප‍්‍රශ්න. අනික් කාරණාව ඒ අය ගස් නවයයි කියලා කියනවා නම් මෙච්චර වියදමක් ගියේ කොහොමද? දවසකට චෙන්ෂෝ එකක් රුපියල් 4000යි. දවසෙන් ගස් නවය කපලා කුට්ටි කරන්න පුළුවන්. හදපු වේදිකාව සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් ඉල්ලූවා. හදිසියට ඇස්තමේන්තු හද හදා ඉන්නෙ නැතුව වැඬේ කළා කියලා තමයි කියන්නෙ.

කාංචන ගීත් මනමේන්ද්‍ර