ස්ත්‍රියකගේ ඉදිරිපස දත් දෙපලේ සිදුරින් කියවෙන රහස්

ස්ත්‍රියකගේ ඉදිරිපහ දත් දෙක අතර සිදුරක් පැවතීම සමහර ස්ත්‍රීන්ට ශුභ ඵල මෙන්ම සමහර ස්ත්‍රීන්ට අයහපත් ප්‍රතිඵල ද උදාකරයි. මෙහිදී දත් දෙක අතර සිදුරක් සහිතව උත්පත්තිය ලබන තැනැත්තියගේ උත්පත්තිය ලද මාසය අනුව ශුභ අශුභ ඵල තීරනය කල හැකිවේ.


ජනවාරි මාසයේ උත්පත්තිය ලද ස්ත්‍රියකගේ ඉදිරිපස දත් දෙක අතර සිදුරක් පවතීනම් ඇයගේ ජීවිතය දුක් කරදර වලින් පිරී පවතී. අකාලයේ යම් යම් අනතුරුදායක සිදුවීම් වලටද මුහුනපානු ඇත.

පෙබරවාරි මාසයේ උත්පත්තිය ලද ස්ත්‍රියකගේ ඉදිරිපස දත් දෙක අතර සිදුරක් පවතීනම් ඇය ක්‍රීඩා කටයුතු සදහා දක්ෂතා දක්වයි. කුඩා කාලයේ සිට මූත්‍රා ආශ්‍රිත රෝග වැනි රෝගාබාධයකින් පෙලෙයි. මැදිවයස ලබත්ම ආදරය සොයන ගතිය වැඩිවේ. පවුල් ජීවිතය ගැටුම් සහිත වනු ඇත. යම් යම් අවස්තා වලදී ආදරය සම්බන්ද ප්‍රශ්න වලටද මැදිවේ.

මාර්තු මාසයේ උත්පත්තිය ලද ස්ත්‍රියකගේ ඉදිරිපස දත් දෙක අතර සිදුරක් පැවතීම අයහපත් වන්නේය. නීත්‍යාණුකූල විවාහයට පෙර පතිවත කෙලසාගනී. ඇයගේ කාමුකත්වය වැඩිවේ. ආදරය සොය සොයා ගොස් අමාරුවේ වැටේ. ගවයින්ගෙන් මෙන්ම සර්පයින්ගෙන් අනතුරු ඇතිවේ. යම්කිසි දෙයක් ඇග මත කඩාවැටීමෙන් මරණයට පත්වීමට ඉඩ ඇත.

අප්‍රේල් මාසයේදී මෙවැනි සිදුරක් සහිතව උත්පත්තිය ලබන කාන්තාව ඉතා ජනප්‍රියත්වයට පත්වේ. විශේෂයෙන් විවාහයටපෙර යම් යම් අපල වලට මුහුන පානු ඇත. රංගන කෙෂ්ත්‍රයෙන් ඉහලටම යාමට හා ප්‍රසිද්ධ නිලියක් වීමට හැකියාව ඇත.

මැයි මාසයේදී ඉදිරිපස දත් දෙකෙ අතර හිඩැසක් සහිතව උපත ලබන තැනැත්තියට වයස අවුරුදු 16ත් 20ත් අතර තුරදී මාරක හා සමාන අපලයකට මුහුන පාන්නට සිදුවෙන අතර එම අපලයෙන් ගැලවුනහොත් දීර්ඝායුශ ලැබීමටද හේතුවේ. කුෂ්ඨ රෝග, සම ආසාදනය වීම තුලින් හටගන්නාවූ රෝගාබාධ වලින් පීඩා විදියි.

ජූනි මාසයේදී උපන් කාත්තාවකගේ ඉදිරිපස දත් දෙක අතර හිඩැසක් පැවතීම තුලින් විදේශ සංචාර යෙදීමක් වේ. ගිය ගිය තැන අන් අයගේ අඩුපාඩු සෙවීමටත් වැරදි සෙවීමටත් දක්ෂ වේ. නිතර අඩදබර ඇතිකරගනී. විවාහවන පුරුශයාටද මෙවැනිම දත් අතර හිඩැසක් තිබුනහොත් එම ස්ත්‍රිය විවාහයෙන් මාස 6ක් ඇතුලත මරණයට පත්වේ.

ජූලි මාසයේ උපන් කාත්තාවකගේ ඉදිරිදත් දෙක අතර මෙවැනි හිඩැසක් පැවතීම ඇයගේ යහපතට හේතු වේ. කලාවට දක්ශ වේ. සංගීතයට හා ගායනයට දක්ශය.  විවාහ ජීවිතය සාර්තක වේ. ලස්සන වීමටත්, රූප රාජිනියක් වීමටත් හැකියාව ඇත.

අගෝස්තු මාසය තුල උපන් කාන්තාවකගේ මෙම පිහිටීම අයහපත් ඵල උදාකරයි. කල්පවත්නාවූ රෝග ද, ඇදුම, පීනස ආදී රෝග මෙන්ම පිලිකා හා අංශබාග ආදී රෝගවලටද ලක්වීමේ ප්‍රවනතාවක් පවතී. යම්කිසි වූ අවයවයක විකල භාවයකින් පෙලෙයි. සිය දිවි නසාගැනීමට තැත්කිරීමට පවා සිත් ඇතිකරයි. ආගම දහමට නැඹුරුව වැඩිවේ.

සැප්තැම්බර් මාසය තුලදී මෙවැනි සිදුරක් සහිතව උත්පත්තිය ලැබීම විවිධ වූ අනතුරුවලට වලට ලක්වීමට හේතුවේ. හෘද රෝග, අත්වල රෝග ඇතිවීම මෙන්ම වැටීම් නිසා ඇතිවන රෝග වලටද හේතුවේ. දරුවන් ඉපදීමට පෙරම නැතිවීම සිදුවිය හැක.

ඔක්තෝබර් මාසය තුල උපන් සුත්‍රියක් නම් යහපත් ඵල උදාකරගනී. දියුනුව ලබයි. ජයග්‍රහන අත්පත් කරගනී.

නොවැම්බර් මාසය තුල උපන් ස්ත්‍රියක් නම් වාසනාව අහිමි කරගෙනම උත්පත්තිය ලබයි. ශල්‍යකර්ම වලට ලක්වීම, හෘද රෝග, බඩ ආශ්‍රිත රෝග ඇතිවේ. දරුඵල ද ඉතා අඩුය.

දෙසැම්බර් මාසයේ උපන් ස්ත්‍රයකගේ මෙවන් පිහිටීම යහපත් වන්නේය. විවිධ සම්පත් ලැබීමටද, විවාහ ජීවිතය සාර්තකව ගත කිරීමටද හැකියාව ලැබෙන අතර පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරු උපත් වැඩි අයෙක් වේ.