නැකත් තෝරා ගැනීම

සාමාන්‍යයෙන් නැකත් වේලාවක් සඳහන් වන අවස්ථා වල (පුවත්පත් හෝ වෙනත් මාධ්‍යයක )එම නැකත් සීහුම් වන නැකත් ද දක්වයි.නැකතක් කොතරම් ශුභ වුවද තමන් උපන් නැකතට සීහුම් නොවේ නම් එම නැකතින් පලක් නැත.එබැවින් නැකතක් තෝරා ගැනීමේදී තමන් උපන් නැකතට සීහුම් වන නැකතක් තෝර ගත යුතුය.සෑම ලිතකම පාහේ නැකත් සීහුම් වන වක්‍ර ඇති අතර බොහෝ විට නැකතක් ඉදිරිපත් කිරීමේදී එය සීහුම් වන නැකත් ද සඳහන් කරයි.

අනෙක් කරුණ නම් ප්‍රසිද්ධ මාධ්‍යයක සඳහන් වන නැකතක වේලාව දක්වනුයේ කොළඹ වේලාවයි.සියුම්ව සලකන්නේ නම් තමන් ශුභ කටයුත්ත සිදු කරන ස්ථානයේ වේලවට ගැලපෙන පරිදි නැකත් වේලාව සකස් කර ගත යුතුය.ගම් නගර නාමාවලියට අනුව වේලාව සකස් කර ගැනීමට අදාල වගු ලිත්වල දැක්වේ.
අභිජිත් වැනි මුහුර්ත වලදී වේලාව කාල පරාසයක් ලෙස සඳහන් වන නිසා එවැනි නැකත් වලට වේලාව සකස් කර ගැනීමක් අවශ්‍ය නොවේ.