ජිවිත වනසන මාන්දි හා ගුලික

ලෝකයේ පැරැුණිම ශාස්ත‍්‍රයන් අතරින් ජ්‍යොතිෂ්‍යයට හිමිවනුයේ විශේෂිත තැනකි. එයට හේතුවූයේ මිනිසාගේ මෙන්ම සමස්ත රාජ්‍යයේම ක‍්‍රියාවන් පාලනය කිරීම උදෙසා මෙම ශාස්ත‍්‍රය සතුව පවතින ශක්තියයි. මිනිසා වසාලූ මෝහාන්ධකාරය දුරලීමට විශ්වය විසින් දුන් ආලෝකය ජ්‍යොතිෂ්‍යය ලෙස අර්ථ ගැන්වෙන්නේ එබැවිණි. ඉන්දියානු ජ්‍යොතිෂ්‍ය ක‍්‍රමවේදයට අනුව ජ්‍යොතිෂ්‍යයට ප‍්‍රායෝගික බවක් එක්කර එය ලෝකයට දායාද කරනු ලැබුවේ පරාශර සෘෂි විසිනි. ජ්‍යොතිෂ්‍ය තුළ ප‍්‍රධාන ග‍්‍රහයන් හත්දෙනකු සිටියි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි එම ග‍්‍රහයන් සත්දෙනායි. රාහු හා කේතු යනු ග‍්‍රහයන් නොව මායා ලක්ෂ්‍ය දෙකකි. එනම් චන්ද්‍ර කක්ෂය හා පෘථිවි කක්ෂය ෙඡ්දනය වන ස්ථාන දෙක මත ඇතිවන චුම්බක ක්ෂේත‍්‍රය රාහු හා කේතු ලෙස හඳුන්වනු ලැබේ. මෙම ස්ථාන ආශ‍්‍රිතව ඇතිවන චුම්බක ක්ෂේත‍්‍රය මිනිසාට ඇතිකරන බලපෑම ඉතා ප‍්‍රබල හෙයින් එම ලක්ෂ්‍යද ග‍්‍රහයන් ලෙස සලකනු ලැබේ.


ග‍්‍රහයන් නවයක් පදනම් කරගනිමින් ගොඩනැගෙන ක‍්‍රමවේදයක් හරහා මිනිස් ජීවිත අවබෝධ කරගැනීම සරල කාර්යයක් නොවේ. මෙය තිරස්චීන විද්‍යා ලෙසින් සමහරුන් තර්ක කළද පෘථිවියේ පැවැත්ම උදෙසා හිරුගෙන් (රවි* හා

චන්ද්‍රයාගෙන් වන බලපෑමක් නැතැයි යනුවෙන් කිසිවකුට හෝ තර්ක කළ නොහැකිය. එය එසේ නම් පෘථිවිය මත ජීවත්වන මිනිසාටද එම බලපෑමම ඇතිවෙයි.

ජ්‍යොතිෂ්‍යය නිර්මාණය වනුයේ පෘථිවිය මධ්‍ය ලක්ෂ්‍ය කරගෙන ඒ වටා ග‍්‍රහයන් භ‍්‍රමණය වන ආකාරයටය. සූර්ය කේන්ද්‍රවාදය විද්‍යාත්මක සොයා ගැනීමක් වුවත් වසර දසදහස් ගණනකට පෙර තරු රටා ග‍්‍රහලෝක අධ්‍යයනය කරන්නට තරම් හැකියාවකින් යුක්ත දියුණු මනසකින් හෙබි සෘෂිවරුන්ට එම ශාස්ත‍්‍රය වරදින්නට හේතුවක් තිබුණේ නැත.

ග‍්‍රහයා යනු ග‍්‍රහණය කරගන්නාය.

ග‍්‍රහයන් විසින් අල්ලාගනු ලබන්නේ මිනිසාගේ සිතයි. ජ්‍යොතිෂ්‍ය තුළින් විග‍්‍රහ කරනුයේ මෙන්න මේ සිතට ඇතිවන බලපෑමයි. ග‍්‍රහයන් පිළිබඳ බොහෝ ලෙස කතා කළද මිනිසාගේ මනසට බලපෑම් ඇතිකරන උපග‍්‍රහයන් 13 දෙනා පිළිබඳ කිසිදු ජ්‍යොතිෂ්‍යවේදියකු කතාකරන්නේ නැත. එහෙත් වෛදික හා කර්මඵල ජ්‍යොතිෂ්‍ය සම්ප‍්‍රදායන්වලදී මිනිසාගේ නිශ්චිත විඳවීම අවබෝධ කරගැනීමට උපග‍්‍රහයන් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. එයින් අවබෝධ කරගත හැකිවනුයේ උපග‍්‍රහයන්ගේ බලපෑමද ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වන බවය.

ජ්‍යොතිෂ්‍යයේ සඳහන් උපග‍්‍රහයන් දහතුන



1. ධූම,

2.ව්‍යාප්ත,

3. පරිවේෂ,

4. ඉන්ද්‍රචාප,

5. උපකේතු,

6. ගුලික,

7. මාන්දි,

8. කෝදණ්ඩ,

9. යමගණ්ටක,

10. අර්ධප්රහාර,

11. මෘත්ය,

12. පරිධි,

13. කාල



මෙම ලිපිය තුළදී කතා කිරීමට උත්සහ දරනුයේ සෙනසුරුගේ පුත‍්‍රයන් දෙදෙනා ලෙස හඳුන්වන ගුලික හා මාන්දිගෙන් මිනිසාට ඇතිවන බලපෑමයි. ශනි යනු පූර්ව කර්ම උදෙසා දඬුවම් දෙන්නා ලෙස වෛදික කර්මඵල ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වෙයි. එසේ හැඳින්වීමට ප‍්‍රධානතම කාරණය වනුයේ ශනි භෞතික ශරීරය පාලනය කරන්නා වීමත් විශ්ව කේන්දරයේ තම ක‍්‍රියාවන් මෙන්ම ධනය පාලනය කරන්නා වීමත් ආයුෂවලට කාරකයා වීමත් හේතුවෙන් සියලූ ග‍්‍රහයන් අබිබවා යන මිනිසාට බලපෑම් ඇති කිරීමේ බලයක් ශනිට හිමිවීම නිසාය.

පෘථිවියේ ක‍්‍රියාකාරිත්වයට වැඩිම බලපෑම ඇතිකරන්නේ චන්ද්‍රයාය. චන්ද්‍රයා යනු පෘථිවියේ උපග‍්‍රහයායි. එසේ බලනවිට ශනිගේ ක‍්‍රියාකාරීත්වයට ගුලික හා මාන්දි ඇතිකරන බලපෑම හරහා ශනිගෙන් මිනිසාට ඇතිවන බලපෑමද වෙනස් වෙයි. එහි අවසන් විග‍්‍රහය වනුයේ ශනිට මෙන්ම ගුලික හා මාන්දිටද මිනිසුන්ට කර්මය උදෙසා නිශ්චිතව දඬුවම් දීමේ හැකියාව ඇති බවය.

වර්තමානයේදී කේන්දර සටහන් තුළ ගුලික හා මාන්දි පිහිටීම් ගණනය කර සඳහන් නොකළද ජ්‍යොතිෂ්‍යවේදියකුට එය ගණනය කිරීමේ හැකියාව පැවතිය යුතුය. ඒ හරහා මිනිසාගේ නිශ්චිත විඳවීම අවබෝධ කරගත හැකි වෙයි.

මාන්දි ග‍්‍රහයා කේන්දරයේ කොටු දොළස තුළ තැන්පත් වීම හරහා ඇතිකරනුයේ දොළොස් ආකාරයේ තත්ත්වයන්ය. යම් විටෙක සුබවාදී තත්ත්වයන්ද ඒ තුළ දැකගත හැකිවෙයි.

පළමු භාවයේ මාන්දි තැන්පත් වූ විට තම අහංකාරකම හා කෝප සහිත බව හේතුවෙන් ජීවිතය පරිහානියට පත්වේ. ඔවුන්ගේ හිස ආශ‍්‍රිතව ඇතිවන රෝගී ගති හරහා දිගු කාලයක් පීඩා විඳීමටද සිදුවෙයි.

දෙවැනි භාවයේ මාන්දි තැන්පත් වීමෙන් සිදුවනුයේ තම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජනයක් ගත නොහැකි වීමයි. එසේම තම ධනය ප‍්‍රබල ලෙස හානිවීම උදෙසා ජීවිතයේ වරින්වර කරුණු යෙදෙයි.

තුන්වැනි භාවයේ තැන්පත් වූ විට සිදුවනුයේ සොයුරන්ට හා අසල්වාසීන්ට එරෙහිව සතුරුකම් සිදුකිරීමට යොමුවීමයි. අවි ආයුධ හැසිරවීමට හැකියාවද මේ තුළින් හිමි වෙයි.

හතරවැනි භාවයේ තැන්පත් වන මාන්දි තම පාරම්පරික දේපළ විනාශ කර දමන අතර ඒවායින් ප‍්‍රයෝජනයක්ද ලබාගත නොහැකි වෙයි. හෘද රෝග හරහා පීඩා විඳීමට සිදුවීම මෙහි ඇති ප‍්‍රබලම ගැටලූවයි.

පස්වැනි භාවයේ මාන්දි තැන්පත් වීමෙන් ස්ථිර ලෙසම ආමාශගත රෝගී ගති හරහා පීඩා විඳීමට සිදුවන අතර ශල්‍යකර්මවලට භාජනය වීමටද හේතුවෙයි. තම හැකියාවන්ගෙන් ප‍්‍රයෝජනයක්ද ගත නොහැකි වෙයි.

මාන්දි හයවැනි භාවයේ තැන්පත් වීමෙන් මිනිසුන් මෙන්ම තම සතුරන්ද පීඩාවට පත්කරමින් තම කටයුතු ඉටුකර ගැනීමේ හැකියාව පවතී. සතුරු කරදර හොඳින් හෝ නරකින් පාලනය කිරීමේ ශක්තිය ඇත. මෙය යහපත් තත්ත්වයක් සේ දැක්කද ඊළඟ ආත්මයට කර්ම එකතු කිරීම උදෙසා මෙමඟින් පොළඹවනු ලැබේ.

හත්වැනි භාවයේ මාන්දි තැන්පත් වූ විට සිදුවන්නේ අසම්මත සබඳතා මෙන්ම සම්මතයෙන් තොර ලිංගික සබඳතාවලට යොමුවීමයි. මේ හේතුවෙන්ම බොහෝවිට

ලිංගික රෝගී ගති හරහා පීඩා විඳීමට සිදුවෙයි.

මාන්දි අටවැනි භාවයේ තැන්පත් වීම හරහා රහස් ප‍්‍රදේශවල ඇතිවන කුෂ්ට රෝග හරහා පීඩා ඇතිකරනු ලැබේ. හදිසි අනතුරුවලින් පීඩා විඳීමේ ඉඩකඩද බොහෝ සෙයින් වර්ධනය වෙයි.

මාන්දි නවවැනි භාවයේ තැන්පත් වීමෙන් රට ජාතිය ගැන කිසිදු හැඟීමක් ඇති නොවන අතර අන් අයට හදිහූනියම් කිරීමට පෙළඹේ. එසේම ආගමික කටයුතුවලින් පවා මුදල් ඉපැයීමට මැලි නොවෙයි. මෙයද තම කර්මය දික්කර ගැනීම උදෙසා තමාව පොළඹවනු ලබන තැනකි.

මාන්දි දහවැනි භාවයේ තැන්පත්ව සිටින්නා අධික ලෙස වෙහෙස වී කටයුතු කිරීමට හැකියාවෙන් යුතු වූ අයකු වන අතර නිදි වර්ජිතව කටයුතු කිරීමේ අවස්ථාවද ඔහු සතුව පවතී.

ඉබේ පහළ වන වාසි ලැබීමේ භාග්‍ය මාන්දි එකොළොස් වැනි භාවයේ තැන්පත් වීමෙන් ඇතිවේ. එය ඉතා කලාතුරකින් ඇතිවන සුබ තත්ත්වයකි. ජීවිතයේ බිඳවැටීම්වලදී කෙසේ හෝ නැගිටීමට අවස්ථාව උදාවෙයි.

මාන්දි දොළොස්වැනි භාවයේ තැන්පත් වීම හරහා දෙපාවල ඇතිවන කල් පවතින රෝගී ගති හරහා පීඩා විඳීමට සිදුවෙයි. නීතිමය ගැටලූවලට මැදිවීම මෙන්ම උන්හිටි තැන් ක්ෂණිකව අහිමි වීමද සිදුවෙයි.

මාන්දි යනු තමා තුළ ඇතිකරනු ලබන විඳවීමයි. එනම් කර්මය ක‍්‍රියාත්මක කිරීමයි. විශ්වය පූර්ව කර්මවලට දඬුවම් දීමේදී සෑම තැනකින්ම ගැටලූ ඇති නොකරන අතර උපතේ සිටම තමා තුළ ඇතිකරනු ලබන දුර්වලතාවක් තුළින් අල්ලාගෙන පීඩා කරා ජන්මියාව මෙහෙයවනු ලබයි. ගුලික විසින් ඉටුකරනුයේද එම කාර්යයයි.

ගුලික පළමු භාවයේ තැන්පත් වූ විට තමා තුළ ක‍්‍රෑර ගති ඇතිවෙයි. සෑම කාර්යයක් තුළින්ම තමා තුළ ඇති වනුයේ තමා පිළිබඳම අතෘප්තිමත් භාවයකි. මේ හේතුවෙන්ම ජීවිත කාලය පුරාම දුකෙන් සිටීමට කරුණු නිර්මාණය වෙයි.

ගුලික දෙවැනි භාවයේ තැන්පත් වීමෙන් සිදුවනුයේ තම ගෘහ ජීවිතය තුළ ගැටලූකාරී තත්ත්වයන් නිර්මාණය වීම හරහා ආර්ථිකමය බිඳවැටීමයි. එසේම තම කතා විලාසය අයහපත් වන අතර ඒ හේතුවෙන්ම බොහෝ ගැටලූවලට මැදිවීමට සිදුවෙයි.

ගුලික තුන්වැනි භාවයේ තැන්පත් වීමෙන් බොහෝ ආත්මාර්ථකාමී ගති වර්ධනය වන අතර අන් අය පාගාගෙන ඉහළට යෑමට උත්සහ දරයි. මේ හේතුවෙන්ම ජීවිතයේ බොහෝ ගැටලූ ඇතිවේ.

ගුලික හතරවැනි භාවයේ තැන්පත් වීමෙන් සිදුවනුයේ අපිරිසුදු වටපිටාවක ජීවත් වීමට සිදුවීමයි. ශාරීරික දුබලතා මතුවන අතර ඒ හේතුවෙන්ම තම ආර්ථික තත්ත්වය බිඳවැටෙයි. කිසිදු කාර්යයකින් තෘප්තිමත් භාවයට පත් නොවෙයි.

තම උසස් අධ්‍යාපනයට බාධා මතුවීමත් දරුවන් හරහා බොහෝ දුක් කරදර විඳීමට සිදුවීමත් ගුලික පස්වැන්නේ තැන්පත් වීම හරහා සිදුවන අසුබ තත්ත්වයයි. කෙසේ හෝ දරුවන් යනු අනාගතය වන බැවින් අනාගත අවිනිශ්චිතතාවකින් සෑමවිටම ක‍්‍රියා කිරීමට සිදුවෙයි.

හයවැනි භාවයේ තැන්පත් ගුලික අවක‍්‍රියාවන් කරා තමාව මෙහෙය වනු ලැබේ. ඒ හරහාම බොහෝ ගැටලූ රෝග මෙන්ම සතුරු කරදරද ඇති කරගනු ලැබේ. ජීවිත කාලය පුරාම මෙම ගැටලූ හරහා පීඩා විඳීමට සිදුවේ.

ගුලික හත්වැන්නට දැඩි ලෙස අසුබ ඵල ඇතිකරනු ලබයි. විවාහය තුළ ගැටලූ ඇතිකරමින් දෙදනා දුරස් කිරීම සිදුකරයි. තම කලත‍්‍රයා කෙරෙහි අධිකව සැක කරයි. මේ හේතුවෙන්ම පවුලේ කීර්තිය බිඳවැටෙයි.

තම කේන්තිය හරහාම ජීවිතයේ කරදරවලට මැදිවෙයි. අන් අය පිළිබඳ ගරු කිරීමක් නැත. නිදන්ගත රෝගී ගති හරහා පීඩා විඳීමටද ගුලික අටවැනි භාවයේ තැන්පත් වීම හරහා සිදුවෙයි.

ගුලික නවවැනි භාවයේ තැන්පත් වීමෙන් සිදුවනුයේ තම ධර්මතා බිඳවැටීම හරහා පීඩා විඳීමට සිදුවීමයි. එසේම පියාගෙන් වෙන්වීමට සිදුවන අතර උරුමයන් පිළිබඳ ගැටලූවලට මැදිවෙයි.

ගුලික දසවැනි භාවයේ තැන්පත්වීම හරහා සිදුවනුයේ රැුකියාව වරින්වර බිඳවැටීමයි. තම ව්‍යාපාර තුළින් සාර්ථක භාවයට පත් වීමේ අවස්ථාද මේ හරහා අහිමි වී යයි. කෙසේ වෙතත් මෙවැනි ග‍්‍රහ පිහිටීම් සහිත අයට ස්ථිර ආදායම් මාර්ග ගොඩනගා ගැනීම ඉතා අපහසුය.

ගුලික එකොළොස්වැනි භාවයේ තැන්පත් වීමෙන් සුබ ඵල හිමිවන අතර සැප පහසු දිවියක් ගත කිරීමේ අවස්ථා උදාවෙයි. ධනය ඉපැයීමේ මාර්ගද උදාවෙයි. මිනිසුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව උදාවෙයි.

ගුලික දොළොස්වැනි භාවයේ තැන්පත් වීමෙන් අනෙක් අයගේ උදව් මත ජීවත් වීමට සිදුවන අතර දෙපා සම්බන්ධ ගැටලූ වර්ධනය වීම සිදුවේ.

ගුලික හා මාන්දි යනු නිශ්චිත පීඩා ඇතිකරන ග‍්‍රහයන් දෙදෙනකු බැවින් මිනිසාට අන් සියලූ ග‍්‍රහයන්ට වඩා වැඩි බලපෑමක් ඇතිකරනු ලැබේ. මේ හේතුවෙන්ම මෙම

ග‍්‍රහයන්ගෙන් ඇතිවන පීඩාව අවබෝධ කරගෙන ඉන් මිදීම උදෙසා අවශ්‍ය කටයුතු කිරීමෙන් ජීවිතයේ නිශ්චිත විඳවීම් බොහොමයක් අවම කරගැනීමේ හැකියාව පවතී.