ස්ත්‍රී දනහිස් කියන රහස්

01. දණහිස් ඇටයේ දෙපස මසින් පිරී ඇත්නම් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙක් වේ. නමුත් මොවුන්ට තරහකාරයන්, ඊර්ෂියාකාරයන්ගේ බලපෑම් බහුල වේ.


02. දණහිසේ නහර හෝ අස්ථි පිටතට නෙරා නොයේ නම් (දණහිස මට්ටමට පවතීනම්) හිතුදේ හරි වැරදි නොබලා කරන, ස්ථිර අදහස් ඇති, දුර දිග නොබලා වැඩ කරන අය වේ. මොවුන්ගේ විවාහයද අසාර්තක වේ. නමුත් මොන නරක සිදු වුවත් කිසි දිනක ඒ ගැන සිතා නොතැවෙන ස්ත්‍රීන්ය.

03. ඇවිදින විට දණහිසින් ශබ්ද නැගේ නම්, එවැනි ස්ත්‍රීන් ඉතා කපටිය, අනුන්ව මුලාවේ දමයි, තවද මොවුන් නරක ඇසුරට යොමුවූ අය වේ. තම බලාපොරොත්තු, සිතැගි ඉටුකර ගැනීම සදහා දන්නා සියලු මායම් පාවිච්චි කරන ස්ත්‍රීන් වේ.

04. දකුණු දණහිසේ තඹ/කළු පැහැ උපන් ලපයක් ඇත්නම් මෙවන් ස්ත්‍රීන් බොහෝ ධනවත්, යස ඉසුරු ඇත්තියන් වේ. නමුත් මොවුන් උපයන ධනය හොඳ, නරක ක්‍රම දෙකෙන්ම උපයයි.

05. වම් දණහිසේ තඹ/කළු පැහැ උපන් ලපයක් ඇත්නම්, මෙවන් ස්ත්‍රීන් දැහැමි ජීවිතයක් ගතකරයි. මොවුන් බොහෝ කරුනාවන්ත, නිහතමානී, ආගමානුකූලව ජීවත්වන, චාම් ගතිගුන ඇති අය වේ.

06. විකෘති දණහිස් පිහිටියේ නම්, මෙවන් ස්ත්‍රීන් ඉතා අවාසනාවන්තය, ජීවිතය පුරාවටම දුක රැදී පවතී. මොවුන් අධි උත්සාහවන්තය. නමුත් උත්සාහයෙන් ලබන දෙයක් නැත. දිළිඳුව ජීවත්වේ.

07. දෙදණ එක සමානව පිහිටා ඇත්නම්, මොවුන් ඉතා වාසනාවන්තය, සිතන දේ සිතන පරිදිම සිදුවේ. මෙවන් ස්ත්‍රීන් ඥානවන්තය, නිහතමානීය, චාම්, නිරහංකාර ජීවිතයක් ගතකරයි.

08. නහර ඉලිප්පී දණහිස කෘශ වූයේ නම්, විවාහ ජීවිතය අසාර්තක වන පිහිටීමකි. මෙවන් ස්ත්‍රීන් සැමියාගෙන් හෝ තම දරුවන්ගෙන් කිසිදු ආදරයක් නොලබයි. බලාපොරොත්තු කඩවී ජීවිතය බොහෝ පසුබෑම්වලට ලක්වේ. තවද සමාජයෙන් නිතර දොස් ඇසීමට සිදුවේ. ජීවිතයේ බලන බලන අත ප්‍රශ්න, කරදරවලින් පිරී මෙම ස්ත්‍රීන්ගේ මානසික තත්වයද කල්යත්ම වෙනස් වී රෝගීවේ.

09. එකිනෙකට වෙනස් දණහිස් ඇත්නම්, මෙවන් ස්ත්‍රීන් නිතරම තම අදහස් වෙනස් කරයි. තම ආත්ම ගෞරවය ගැනද නොසිතයි. ආත්මාර්තකාමීය. මොවුන්ගේ විවාහයන්ද අසාර්තකය. මොවුන් යමක් ලබාගැනීමට පමනක් යමක් කරයි. නමුත් පිනට හෝ යුතුකමක් වශයෙන් කිසිත් නොකරයි.

10. දෙදණ ඇවිදින විට දෙපසට චලනය වේ නම්, මෙවන් ස්ත්‍රීන් කාමාධිකය, විනෝදනේ කාලය ගත කරයි.බහු පුරුෂ සේවනයේ යෙදෙයි. මායම් භාවිතා කර පිරිමින් මුලා ලරමින් එවුන් සතු සියලු දේ ඩැහැගනී.

11. දෙදණ අධිකව මසින් පිරී බරවී ඇත්නම්, මෙවන් ස්ත්‍රීන්ගේ විවාහ ජීවිතය වාසනාවන්ත එකක්වේ. විවාහයට දිලිදු සැමියෙක් ලැබුනද ඉතා ඉක්මනින් පොහොසත් වේ. සැප සම්පත් බුක්ති විදිමින් සැපසේ ජීවත් වේ.

No comments:

Post a Comment