බෝධි පූජාව හරියට කරමු

* නිවරදිව බෝධි පූජාවක් පවත්වන ආකාරය ඔබ දන්නවාද ?

බෝධි පූජාවක් පැවැත්වීම ඇත්තටම, බොහෝසෙයින්ම ආනිශංස සහ ප්‍රතිඵල ලැබෙන කාරණාවකි.

* විශේෂයෙන්ම අප බුදු රජාණන්වහන්සේ මාර පරාජය කොට ඒ උතුම් බුද්ධත්වය අවබෝධ කරගත් වෙලාවේ සෙවණ දුන්නේ, ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේය.
අද බටහිර විද්වතුන් හෙලි කරන විද්‍යාත්මක පදනමේ සිට බැලූ කලත් බෝධි වෘක්ෂයේ යම්කිසි ශක්ති ප්‍රභවයක් ගැබ්ව ඇති බව හෙලිවී ඇත.

අප ලොව්තුරා බුදුරජාණන්වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගැනිමට උන්වහන්සේට විශාල වූ ශක්තියක් මෙමගින් ලැබෙන්නට ඇති බව බෞද්ධ අපගේ විශ්වාසයයි.
* එසේම අපි අපල උපද්‍රවයකින් පෙලෙන අවස්ථාවෙදී, බෝධී පූජාව තබන අවස්ථාවෙදි බෝධි මූලයේ රැදී සිටිමෙන්, අපට අහිතකර වන්නා වූ විශ්වයේ යම් යම් විෂ ශක්තින් ප්‍රහානය වන බව බටහිර විද්වතුන්ද පිලිගෙන ඇත.
එසේ නම් අපල ඇති, අපල නැති කාටත්, තියෙන අපල නැති වීමටත්, තිබෙන සුභ පල වැඩිවීමටත් අප කල යුතු නිවරදි බෝධි රාජයාණන්වහන්සේ පිදීම කරන්නෙ කොහොමද ?

● මුලින්ම ඉතාම පිරිසිදුව බෝධි රාජයාණන්වහන්සේ අසලට ගොස්, ප්‍රථමයෙන් ඉදල ගෙන, බෝධි රාජයාණන්වහන්සේ වැඩ සිටින පරිසරය හොදින් පිරිසිදු කරන්න.
මේ කටයුත්තට අඩුම තරමේ පැය භාගයක්වත් යොදාගන්න. හදිස්සියෙන් කරන්න එපා.

* ඉන්පසු, තමන් රැගෙන ආ නිල්මල් නානා විධ මල් මාලයක් මෙන් සකසා බෝධින්වහන්සේගේ ශාඛාවන් අතර රැදවීමට කටයුතු කරන්න.
(කෘතිම මල් එල්ලන්න එපා )

● එසේම සමහරුන් අධි ශ්‍රද්ධාව නිසා, බෝධින්වහන්සේ එලකිරෙන් දෝවනය කරයි. එය සුදුසු ක්‍රියාවක් නොවෙයි. මන්ද කිරි වලින් ඇති කරන්නාවු බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජිවින් හේතුවෙන් බෝධි රාජයාණන්වහන්සේගෙ චර්මයට සහ මූලයන් වලට යම්කිසි හානියක් සිදුවිමට හේතුවන බැවිනි.

● පිරිසිදුව පෙරාගත් පැන් කල, රැගෙන දක්ෂිණාවර්ථව බුදුගුණ සජ්ජායනා කරමින් සිතින් බෝධි රාජයාණන්වහන්සේගේ ගුණ සිහි කරමින්(එදා මාර දිව්‍ය පුත්‍රයා ගිරි මේඛලා නැමති හස්ති රාජයාගේ පිට නැගී බුදුරජාණන්වහන්සේගෙ අභිමුවට පැමිණ කල තර්ජනය ගණනකටවත් නොගෙන සම්බුද්ධත්වය අවබෝධ කරගත් බලමහිමයෙදි අප බුදුරජාණන්වහන්සේට ශක්තියක් වුනු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ) යන්න සිත්හි දරාගෙන එම පැන් වලින් ශ්‍රද්ධාවෙන් යුතුව බෝධින් වහන්සේ දෝවනය කරන්න.

● ඉන්පසු ගෙන ආ මල් පහන් පූජා කරන්න.
ඉන්පසු බෝධින්වහන්සේට තරමක් දුරින් හදුන්කූරු සහ පහන් දල්වන්න. මෙම බෝධින්වහන්සේගේ පූජාව උදෙසා චතු මධුර සහ ගිතෙල්, ක්ෂිර ආහාර එසේම ඔසු පැන් සහ එසේම සිද්ධාලේප, කසාය ආදිය තැබීමද බොහෝ ප්‍රශස්තයි.
(එමගින් නිදුක් නීරෝගී සුව අත්වේ)

● ඉන්පසු ත්‍රිවිධ රත්නය නැමදීම කොට, බෝධි පූජාව පවත්වන අවස්ථාවෙදි බෝධින්වහන්සේගේ 4 කොනේ, සතර වරම් දෙවියන් වෙනුවෙන් පහන් 4ක් දල්වන්න. උන්වහන්සේලාට පින් අනුමෝදන් කර බෝධි පූජාවේ වැඩ කටයුතු ආරම්භ කරන්න.

නිවරදිව බෝධි පූජාවක් තබන්නේ මේ අයුරිනි. මෙය අනුගමනය කිරිමෙන් බොහෝ ප්‍රතිඵල ලබාගත හැකිවනවා ඇත. ආගම දහම සමග ගුණ යහපත් අනාගතයක් නිර්මාණය කරගැනිමට, ගුණ යහපත් පරපුරක් රටට දායාද කරනු වස් එසේම අපගේ අනාගත පරපුර ධර්ම මාර්ගයට යොමු කිරීමට මෙය මහඟු පිටුවහලක් වනවා ඇත.

තෙරුවන් සරණයි !

Iru Astrology

No comments:

Post a Comment