සතියේ ලග්න පලාපලය (නොවැ 10 සිට)

● මේෂ
ඔබට සුභ සතියකි.
පසුගිය 2වෙනිදා සිදුවුනු දැවැන්ත සෙනසුරු ග්‍රහ මාරුවත් සමග අඩපණ වූ ආර්ථික තත්වය මේ සතියෙදි යථා තත්වයට පත්වේ. පිට පලාත් වල යෑමට සිදුවේ. උත්සහය උනන්දුව හා සහෝදර සහෝදරියන්ගේ උදව් නිසා ආර්ථික වාසි අත්වේ.
ගෘහ ජිවිතයේ ප්‍රීතිමත් අවස්ථා මුණ ගැසේ. නිවසට අලුත් බඩු මුට්ටු ලැබෙනවා සේම, අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. එමෙන්ම ඔබගේ වාසනාවට ආගිය තැන ගරු නම්බු ලැබේ.
පපුවේ සෙම ගතිය සහ සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.


● වෘෂභ
හොඳ සතියකි.
ආර්ථික තත්වය දියුණු වේ. ඔබ පුද්ගලයන් සමග හොදින් කතා කරනවා නම් ඔබට තව මේ තත්වය වැඩි දියුණු කරගැනිමට පුලුවන. සතිය මැදදී හෝ අගදී ඔබට දුරබැහැර යාමට සිදුවේ. එයින්ද ආදායම ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර පවුලේ දියුණුව උදෙසා යම් යම් දේ කිරීමට සිත්වේ. සතිය අගදී ඥාතියෙක්ගේ හිතවතෙක්ගේ පැමිණීම අපේක්ෂා කල හැක.
ඔබටත් උදරාබාධ සහ මුත්‍රා රෝග සහ සෙම් අමාරු බලපෑ හැක. පරිස්සම් වන්න.

● මිථුන
ඉතාමත්ව වාසනාවන්ත සතියයි.
ඔබගේ ශෝභමාන වාසනාවන්ත විලාශයට සියලුම දෙනා ඔබට පක්ෂපාති වේ. වශී වේ. නළු නිලියන්ට, කලා කරුවන්ට තමන්ගේ ජනප්‍රියත්වය වැඩිවන කාලයයි. එමෙන්ම යම් යම් ආර්ථික වාසි ලැබෙන කාලයයි. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරික කටයුතු ඉතාම සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැක.
ගෘහ ජිවිතයෙදි ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ මෙන්ම විනෝද චාරිකාද යෙදෙන කාලයයි. අඹුසැමියන් අතර ඔවුනොවුන්ගේ ප්‍රේමය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලවම නැති වුවත් උදරාබාධ සහ නිදන්ගත රෝග ඇති අය සැප වැඩිවිම නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.

● කටක
මධ්‍යමඵලයි.
ආර්ථික පැත්ත ගැන විමසූ කල, ඔබට සතිය මුලදී එතරම් ලාභයක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. එසේ නම් අලුත් වැඩ කටයුතු කිරීම, ඇප ගනුදෙනු වලට කටයුතු කිරිම නොකල යුතුයි. මුල් දවස් 2-3දි මුදල් පාඩුවක් පෙන්වයි එයින් ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනස්කම් නොමැත. සමහරවිට බිරිඳට හා දරුවන්ට මුදල් වැයවීමට ඉඩ තිබේ. පිංකම් වලට පවුල් පිටින් යාමට සිදුවන කාලයකි.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලව නැති වුවත් පාදවල වේදනාව සහ කැක්කුම ගැන විමසිල්ලෙන් සිටින්න.

● සිංහ
සුභදායකයි.
ආර්ථික වාසි ඇතිවේ. මිතුරු මිතුරියන්ගෙන් උදව් උපකාර ලැබෙනවා සේම, තමන්ගේ කීර්ති නාමය තරමකට පැතිරේ. සතිය අගදී පින් දහම් කටයුතු කිරීමට සිත්වේ.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මන්ද ශනි 4 වැන්නට පැමිණි බැවිනි. දේපල ඉඩම් ආරවුල් ඇති අය ඒවා හීන් නූලෙන් විසඳාගත යුතුය. කලබල වීම හොද නැත.
සෞඛ්‍ය තත්වයේ, නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.

● කන්‍යා
ඔබට මේ සතිය ශුභපල ඇති කරයි.
ඔබගේ ආදයම් තත්ව දියුණු වේ. විදේශ රැකියා කරන අයට ඉතාම ශුභයි. එසේම ඔබට සතිය අගදීද ඉතාම විශාල වශයෙන් ආර්ථික වාසි ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, දරුවන් සමග විවිධ ප්‍රදේශ වලට යෑමටද වාසනාව හිමියි. එසේ්ම සිත ප්‍රීතියෙන් තිබෙන කාලයක් නිසා වෙන ගැටළු නොපවතී.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනසක් නොමැත. නමුත් මහන්සි වීම, වෙහෙස මහන්සිය ඇත.

● තුලා
ඔබට මේ සතිය සුභයි.
දියුණුවට වැඩිහිටියන්ගෙන්, ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. තමා බලාපොරොත්තු වන ආකාරයට තමාගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. එමෙන්ම කරන කියන කටයුතු වල වාසනාව උදාවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, සුළු සුළු අගහිඟකම් මධ්‍යයේ වුවද සිත ප්‍රීතියෙන් ගතවේ.
සෙම් අමාරු සහ සෙම් ගෙඩි, සෙම සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

● වෘශ්චික
සමඵලයි.
සතියේ මුල් දවස් 2-3දි ආර්ථික අවාසි සිද්ධ වේ. එසේ නම් මා පවසන්නේ සතියේ මුල් දවස් 2 තුල ආදායම් මාර්ග සම්බන්ධ වැඩ කටයුතු වලට අත නොගසන ලෙසයි. සතිය අගදී ආදායම දියුණුව වී සෙතක් ශාන්තියක් සැලසේ.
ගෘහ ජිවිතය වෙනදා මෙන් ගැටළුවක් නොමැතිව ප්‍රීතියෙන් ගතවන අතර, වැඩිහිටියන්ට සලකමින් ඔවුන් සමග සුහදව සිටිමට වාසනාව ඇතිවේ. දරුවන්ගේ කටයුතු නිසා සිතට ප්‍රීතිය ගෙනදේ.
සෞඛ්‍ය ගැටළු නැති වුවත් කුඩා දරුවන් ජලයෙන් ප්‍රවේසම් කරගන්න.

● ධනු
සමඵලයි.
සතිය මුලදී ප්‍රබෝධයෙන් පටන්ගත් යම් යම් කටයුතු සතිය අගදී අඩාල වෙයි. සෙනසුරු ග්‍රහයාද 12 වැන්නේ සිටින බැවින්, ඔබගේ විමසිලිමත්භාවය බොහෝමත්ව වටී. ආර්ථික පාඩු වලින් බේරෙන්න, ඔබ වග බලා ගන්න. එසේම ඇපයට අත්සන් කිරීම ආදි කටයුතු ඔබට මෙ කාලයේ අකැපයි.
ගෘහ ජිවිතය තරමක දුෂ්කරතා මධ්‍යයේ ගතවේ. ගෙදර දොරේ ආර්ථිකයේ අඩුපාඩු ඇති කිරීම නිසා කනස්සලු ස්වභාවයක් ඇතිවීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය ඒවා වැඩි නොවිමට බලාගන්න. පාද වල වේදනා ගැන සැලකිලිමත් වන්න.

● මකර
සමඵලයි.
සතුරු කරදර හෝ තමාට විරුද්ධ අයෙකුගේ වැඩ පිලිවෙලක් නිසා අතට ලැබීමට ගිය මුදලක් අහිමි වීමට පුලුවන. එමනිසා ඒ ගැන ප්‍රවේසම් වන්න. ආයෝජන කිරිමේදි ප්‍රවේසම් වන්න. තිබෙන මුදල් නිසියාකාරව රැකගන්න.
ගෘහ ජිවිතය තුල, අඟහිඟකම් මතුවේ. නමුත් සතිය මැදදි මෙම තත්වය පහව යයි. දරුවන්ව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න. ඔබද ජලයෙන් බෝවෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්න.
උදරාබාධ සහ සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

● කුම්භ
සමඵලයි.
සතියේ මුල් දවස් 2 ඉතාම ශුභයි. වාසනාවන්ත කාලයකි. කටයුතු සඵල වේ. නමුත් සතිය අගදි ආර්ථික අවාසි සිදුවිමට ඉඩ තිබේ. කරන කියන කටයුතු ගැන යම්කිසි සැලකිල්ලකින් සිටින්න.
ගෘහ ජිවිතයෙදි දරුවන් ගැන වැඩිසැලකිල්ලක් යොමුවේ. ඔවුන්ගේ ජයග්‍රහණ අත්විඳීමට පුලුවන්.
එසේම නැන්දලා මාමලාගෙන් උදව් උපකාරද ලැබේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැති වුවත් උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● මීන
ශුභයි.
ජලය ආශ්‍රිත රැකියා, ව්‍යාපාර කරන අය ඉතාම දියුණු වේ. තමාගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම සමාජයෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. අලුත් අවස්ථාවන් ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවේ. නිවසට අලුත් බඩුබාහිරාදියද මිලදී ගැනීමට සිත්වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

No comments:

Post a Comment